Apr 26, 2010

ඔන්න අවුරුද්දත් එක්ක අයිමත් වී8 කණ්ඩායම කාර්යබහුල වුණා නොවැ....
කට්ටියම එකට එකතු වුණේ. මුළු ගාල්ලම හොල්ලල යන වැඩක් කොරන්න...
ඉතින් ඒකෙ සෑහෙන්න වගකීමක් මටත් තිව්ණ. මොකෝ මම වී8 එකේ ලේකම් කියල කව්දෝ දවසක් මට කිව්ව.. ඒකයි...  


ඔන්න 17 වෙනිදා ආව. කට්ටිය රත් වුණේ එදා තමයි.. මොකද කියනවනම් අවුරුදු උත්සවේ තියන්න කතාකරගත්තෙ 19 වෙනිද.... ඩඩිං බිඩිං ගාල මීටිමක් කෝල් කරා.... කට්ටියව එකතුකරගෙන අපේ සරින්දයා මාර කට්ටක් තමයි කෑවෙ... එහෙම තමයි බොක්කෙන් වැඩ කරනකොට....!

දැන් 18 වෙනිද කාන්ඩෙම එක එක දිහාවෙ රාමෙට වැඩ... එක දිහාවක සැරසිලි.., තව දිහාවක උණ බම්බු:පුවක් කොටන්: ග්‍රීස්.. වගේ ඒව එකතු කරද්දි කවුරුත් නොදන්න වැඩකුත් උණා ඉස්කෝලෙ පැත්තෙ අපි ටික සෙට් වෙලා ප්ලෑන් කරනව, ෆයිල් හදනව ,  ආර්ගිව් කර කර පිස්සු වගේ.. කුජීතයි.. !!!

කොහොම හරි 18 වෙනිද හවස් වෙද්දි වැඩ ටිකෙන් භාගයක් විතර ඉවරයි..  ඔන්න සීසන් එක පටන් ගත්ත... 18 හවස 6ට විතරනේ මතක් වෙලා කිරි ගේන්නයි මුට්ටි හොයන්නයි.., එක එක ඒව  හොයන්න බයික් වල නැගල රවුන් ගැහුවෙ, අපරාදෙ පෙට්‍රල් කියලත් හිතුන.. අව්ලක් නෑ එක්ස්පීරියන්ස් එක හම්බුනානෙ ඊලඟ පාරට නේද...? 

ඔය අතරෙ පොල්තෙල් පාන ගැනත් මං ඔලුවෙ තියාගෙන උන්නෙ... ඒකතමා ඔය පින්තූරෙ යස අගේට පත්තුකරන්නෙ අපේ ඉස්කෝලෙ ප්‍රින්සිපල් තුමා...

හරි හරි කොහොමින් කොහොම හරි 19 උදේ 6ට විතර ගාල්ල සමනළ ග්‍රවුන්ඩ් එකට සෙට් උනා... ඔන්න උදේම මැරතන් එක පටන් ගත්ත ෆුල් ආතල්.....
ඊලඟට තරඟ වලට ලියාපදිංචි කරන්න ගත්ත 8 ඉඳන්.. අපොච්චියේ ඒකට වැඩිය අමාරු වැඩක් ලොවෙත් නෑ .. මට එපා වුණා..... ඇච්චො පැච්චො උඩ පැනගෙන කොහෙන් ආපු එවුන්ද මංද... කොහොම නමුත් ක්‍රවුඩ් එක ආව 2500 පන්නල .. අපිටනම් මාර බිසි.. ඒත් ෆුල් හැපී...
 අහ් මේ දන්නවද වැඩක් රෙකෝඩ් එකකුත් තිව්ව,  මොකද්ද දන්නවද? කනා මුට්ටිය බිඳින ඉවෙන්ට් එකට කට්ටිය 96ක් රෙගිස්ටර් වෙලා හිටිය.... නොවැ.

ඔන්න ඔහොම වැඩේ නැගල ගියා... හවස් වේගෙන එද්දි ආතල් එක වැඩි උනා ඇයි දන්නවද.. අවුරුදු කුමාරි තරඟෙ බලන්න සූ ගාල සෙනග.... බුරුතු පිටින්.. ඊටත් වඩා ඒක විනිශ්චය කොරන්න ගෙන්නුවෙ අර සුපර්ස්ටාර් මංජුලා නිවන්ති ...! මාර චියර් එක එයාටත්......  

 ඔන්න මේ පින්තූර ඉන්නෙ එයාල තෝරපු අවුරුදු කුමාරි තමයි... 
මාර ලස්සනයි නේද..?

පැනි කොමඩු ගෙඩියක් වගේ නේද..? හී හී....

ඒකත් ඉවර උනා කියමුකෝ ... හිරු එෆ් එම් එකේ කන්ටේනර් එක ආවනේ බෑන්ඩ් එකත් එක්ක රාත්‍රී සන්ගීත ප්‍රසන්ගෙට ඒක බලන්නත් මාර සෙනග.... ඇයි අර ඇන්ඩ් කොම්පැනියේ හෙලරුවනුත් ආවනෙ.. මෑන්ස් මාර ෂෝ කෑල්ලකුත් දැම්මනේ ස්ටේජ් එකේ... මැක්සිමම්.....

ඉතිං ඔන්න ඔහොමයි අපේ වී8 අවුරුදු උත්සවේ.. ගියේ.. කව්ද හිතුවෙ අපිට මේතරන් දෙයක් කොරන්න පුළුවන් වෙයි කියල... නේද.. මාර සෙන්ටිමෙන්ටල්. ගාල්ල දෙදරල ගියා කිව්වොත් කවුරුත් ඔව් කියයි.. වී 8 නම තියන්න මේපාර අපිට පුලුවන් උනා... ලබන සැරේ කොහොම වෙයිද..? හිතාගන්නවත් බෑ...

අපේ වෑයම ගැන ඕගොල්ලොන්ට හිතෙන දේත් ලියන්න අමතක කරන්න එපා...

සුභ අළුත් අවුරුද්දක් වී-එයිට්...!

2 අදහස්:

මල්$han said...

අෆ්ෆේ අපිට මතකයි දුලිත් මලයා බැහැල වැඩ කොරපු හැටි...:D මෙදා පොටේ එන්න බැරි උනා නම් තමා...ලබන පොටේ නම් අනිවා ඩෙෆා එන එක එනවාමයි..මොනා උනත් මම ඔය වී8 කියන සංකල්පයට කැමති.හොඳ නව්‍යතා සහිත අදහසක්...දුලිත් මලයා සහ වී8 කස්ටියටම ඔන්න මගෙන් සුභ පැතුම්.
මේවගේ හොඳ වැඩකටයුතු ඉස්සරහටත් අපිට බලන්න ලැබෙයි නේද???

.දුලිත් said...

ස්තූතියි මිත්‍රයා... ඇයි නැත්තෙ ,, තව ගොඩක් දේවල් තියනව ලබන අවුරුද්දට කලින් .... අපි දන්නන්න්නම් කෝ ....

Post a Comment

Music

manokaya.tk

www.blog.dulithkasun.com