Jun 16, 2010

ඔරායන් රාශිය ගැන මීට කලිං රස කතාවක් කිව්වනේ.. එයා ගැනම තවත් රසකතාවක් උපුටන්න තමා මේ සැරසුම.....
       ඇට්ලස් නම් මහා යෝධයාට ඉතාaමත් රූමත්, ප්‍රියංකර,සුකොමළ දූවරු 7 දෙනෙක් ඉඳල තියෙනවා.. දිනක් ඔවුන් අල්ලා ගැනීමට ඔරායන් ඔවුන් පසුපස පැන්නූවේ ය. මෙය දුටු "සියස්" නම් හිරු දෙවි දූවරුන් සත්දෙනා නපුරු ගොනෙකු(ටෝරස් රාශිය ) පිටුපස සඟවා තරු 7ක් බවට  පත් කලේ ය. ප්ලායඩස්(හත්දින්නත් තරු ) මේ දූවරුන් හත් දෙනායි. අනතුරුව ඔරායන් ද සියස් විසින් ම තරු රාශියක් බවට පත් කළේ ය.

                           ඔරායන් ඇට්ලස් යෝධයා ගේ දූවරුන් පසුපස එළවීම ඒත් නවතා නැත.ටෝරස්(ගොනා ) රාශිය දූවරුන් රකිමින් ඔරායන්ට ඇමිණීමට මෙන් සිටින්නේ ඒ නිසා ය. ඔරායන් ද ගොනා(ටෝරස් )ට පහරා දීමට මෙන් මුගුරක් අමෝරාගෙන සිටියි. සෑම රැයකම ඔරායන් දූවරුන් සත්දෙනා පසුපස පන්නයි. එහෙත් අහස කැරකෙනුවා සේ පෙනෙන නිසා ඔරායන් ඉදිරියට එන විට දූවරු හත්දෙනා ද තවත් ඈතට යති. මේ නිසා දූවරුන් හත් දෙනා කවදාවත් ඔරායන් ට අල්ලා ගන්නට බැරිවෙන සෙයකි.

       ඔරායන්ගේ ස්ටෝරිය - 1

0 අදහස්:

Post a Comment

Music

manokaya.tk

www.blog.dulithkasun.com