Jun 15, 2010



ඔරායන් නෙප්චූන්ගේ පුතා ය. ඔහුගේ මව යුර්යට් නම් ඇමේසන් හි රැජිනයි. ඇය සටනට මෙන්ම දඩයමට ද ඉතාමත් දක්සියක වූවාය. මවගේ දස්කම් පුතාටද උරුම වී තිබිණි. ඔරායන් සිය මව මෙන් සටනට ද දඩයමට ද , ලෝකයේම සූරයා විය. දෙවියන් අතර පවා මේ අතින් ඔහු පැරදවිය හැකි කිසිවෙකු නොවී ය.


  ඔරායන්ගේ දස්කම් සමහර දෙවිවරු නොරිස්සූ හ. ඔවුන් විසකුරු ගෝනුස්සෙකු එවා ඔරායන්ට දෂ්ඨ කරවීය. හේ ඒ විෂෙන්ම මිය ගියේ ය. එහෙත් ඩයනා නම් දෙව්දුව විසින් ඔරායන් අහසේ තරු අතර සිටුවා අමරණීය කෙරිණ. දෂ්ඨ කළ ගෝනුස්සා ඔරායන්ට ළංවිය නොහැකි වන සේ ඌට ප්‍රතිවිරුද්ද පැත්තෙන් සිටවූවා ය.
හිරුගේ එක් පැත්තක ඔරායන් පිහිටි විට ඊට විරුද්ද පසෙහි ගෝනුස්සා හෙවත් ස්කෝපියෝ රාශිය පිහිටයි. එනිසා කවදාවත් ඒ බියකරු ගෝනුස්සා ඔරායන්ට ළංවනු තියා පෙනෙන්නටවත් නැත.




17 වන සියවසේ විසූ ස්විස් ජාතික හෙවිලියස් නම් තාරකා විද්‍යාඟ්ඳයා ඔරායන් රාශිය චිත්‍රයට නැගූ අයුරු.
[ උපුටා ගැනීම - විශ්වය සහ අපට පෙනෙන ග්‍රහලෝක හා තරු(ආර්.බී.අතපත්තු )  ]




ඔරායන් රාශිය ගැන තවත් රසකතාවක් බලාපොරොත්තුවන්න...

0 අදහස්:

Post a Comment

Music

manokaya.tk

www.blog.dulithkasun.com