Sep 1, 2010

මේ වර්ෂයේදී බස්නාහිර පළාත් පාලන කොමසාරිස් තුමාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලද පුස්තකාල මෘදුකාංගයක් නිපදවීමේ සාකච්ඡාවක යෝජනාවූ පරිදි පහත සඳහන් පුස්තකාල මෘදුකාංගය අප කණ්ඩායමක් විසින් නිර්මාණය කර ඇත.

මෙය දැනට හෝමගම ප්‍රාදේශීය සභාවේ වෑතර මහජන පුස්තකාලයේ ස්ථාපිත කර පුස්තකාල කටයුතු පරිගණක ගත කරගෙන යනු ලබයි.

මෙය Java සහ MySQL උපයෝගී කරගනිමින් නිපදවා ඇති අතර Network සහ වෙබ් අඩවි(Web Base) ක්‍රමය යටතේ ද භාවිත කළ හැක.

මෙම මෘදුකාංගයේ අරමුණු හා ක්‍රියාකාරිත්වය කෙටියෙන් පහත දක්වමි.

සුචි ගත කිරීම
  1. සියළුම පොත් මෘදුකාංගය උපයෝගී කරගනිමින් සුචිගත කිරීම (පුවත්පත් හා සඟරා ද මෙසේ සුචිගත කළ හැකි වීම. )
  2. පාඨකයින්ගේ සියළුම තොරතුරු පරිගණකයේ ස්ථාපිත කිරීම.
  3. පොත් හා පාඨකයින් සඳහා (BAR-CODE) ක්‍රමය භාවිතයට ගැනීම.(මේ මගින් ඉක්මණින් හා නිවැරදිව පොත් නිකුත් කිරීම.)
  4. සිංහල / දමිළ / ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම පොත් අන්තර්ගත කල හැකි වීම.

පොත් නිකුත් කිරීම සහ ආපසු භාර ගැනීම.( Circulation)
  1. පුස්තකාලයේ ඇති පොත් පිලිබඳව ක්ෂණිකව තොරතුරු ලබා ගැනීම.
(විෂය අනුව / කතෘ / ග්‍රන්ථ නාමය / ISBN / ISSN මගින්)
  1. මෘදුකාංගය මගින් පොත් නිකුත් කිරීම සහ ආපසු භාර ගැනීම.
  2. නිකුත් කරන ලද පොත් සහ පාඨකයින් පිලිබඳව තොරතුරු ලබා ගැනීම.
  3. ස්වයංක්‍රීයව දඪ ගණනය කිරීම.
  4. කාර්ය්‍ය මණ්ඩලයට මෙන්ම පාඨකයින්ටද වෙනත් ප්‍රවේශයක් භාවිත කරමින් පුස්තකාල සුචිය ගවේශණය කළ හැකි වීම.
  5. නිකුත් කරන ලද පොතක් පාඨකයෙක් වෙනුවෙන් වෙන් කළ හැකි වීම සහ(Book Reservation System) ක්‍රියාත්මක කිරීම.
  6. පොත් සමීක්ෂණ කටයුතු දින කිහිපයකින් කළ හැකි වීම.

සංඛ්‍යා ලේඛන හා වාර්තා ලබා ගැනීම.
  1. දෛනික වාර්තා සහ මාසික වාර්තා ලබා ගැනීමට හැකි වීම.
  2. පාඨකයින්ගේ නාමලේඛන ලබාගත හැකි වීම.
  3. පොත් වල ලේඛනයක් ලබා ගත හැකි වීම.
  4. කතෘ / ග්‍රන්ථනාමය / විෂය අනුව ලේඛනයක් ලබා ගත හැකි වීම.
  5. සුචි පත්‍රිකාවල මුද්‍රිත පිටපත් ලබා ගැනීම.

ඉදිරි අරමුණු සහ ප්‍රයෝජන.
                ඉදිරියේදී පුස්තකාල වෙබ් අඩවියක් නිර්මාණය කර පවත්වාගෙන යාමත් යුනි කෝඩ් ක්‍රමය යටතේ(unicode) සිංහල පොත් සිංහල භාෂාවෙන් සුචි ගත කිරීමටත් දැනට ඉංග්‍රීසි භාෂාවෙන් සුචිගත කරන ලද පොත්වල විස්තර සිංහල භාෂාවට පරිවර්තනය කිරීම.
පුස්තකාල වෙබ් අඩවිය මගින් ඕනෑම ස්ථානයක සිට පුස්තකාලයේ පොත්පත් ගවේෂණය කිරීමට හැකි වීම.
මෙම මෘදුකාංගය භාවිත කිරීමෙන් පළාතේ සියළුම පුස්තකාලයන්ගේ දත්ත ගබඩා කරන තොරතුරු මධ්‍යස්ථානයක් ලෙස එකම ස්ථානයකින් (Server) කටයුතු කිරීමට හැකි වීම. ඒ තුළින් ආදායමක් ලබාගත හැකි වීම.

මේ පිළිබඳව වැඩිදුර තොරතුරු අවශ්‍ය නම් පහත දුරකතන අංක අමතන්න.

D.U.ඉසුරු සමරසිංහ                       S.L.D.කසුන්                       
077-1051972                                 077-1949716       

Music

manokaya.tk

www.blog.dulithkasun.com