Nov 9, 2010

◄█▓░♥ KKFH ♥ ░▓█►
-http://kasunkalhara.info/-
සඳ අහිමි බඹරෙක්ය මා....
හිරු අහිමි කඩුපුලකි මා...
මා නොදුටු සඳ එළියෙ කිමිදෙන්න ඇත්නම්....
මා නොදුටු හිරු එළියෙ විඳගන්න ඇත්නම්.....

Sep 1, 2010

මේ වර්ෂයේදී බස්නාහිර පළාත් පාලන කොමසාරිස් තුමාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලද පුස්තකාල මෘදුකාංගයක් නිපදවීමේ සාකච්ඡාවක යෝජනාවූ පරිදි පහත සඳහන් පුස්තකාල මෘදුකාංගය අප කණ්ඩායමක් විසින් නිර්මාණය කර ඇත.

මෙය දැනට හෝමගම ප්‍රාදේශීය සභාවේ වෑතර මහජන පුස්තකාලයේ ස්ථාපිත කර පුස්තකාල කටයුතු පරිගණක ගත කරගෙන යනු ලබයි.

මෙය Java සහ MySQL උපයෝගී කරගනිමින් නිපදවා ඇති අතර Network සහ වෙබ් අඩවි(Web Base) ක්‍රමය යටතේ ද භාවිත කළ හැක.

මෙම මෘදුකාංගයේ අරමුණු හා ක්‍රියාකාරිත්වය කෙටියෙන් පහත දක්වමි.

සුචි ගත කිරීම
  1. සියළුම පොත් මෘදුකාංගය උපයෝගී කරගනිමින් සුචිගත කිරීම (පුවත්පත් හා සඟරා ද මෙසේ සුචිගත කළ හැකි වීම. )
  2. පාඨකයින්ගේ සියළුම තොරතුරු පරිගණකයේ ස්ථාපිත කිරීම.
  3. පොත් හා පාඨකයින් සඳහා (BAR-CODE) ක්‍රමය භාවිතයට ගැනීම.(මේ මගින් ඉක්මණින් හා නිවැරදිව පොත් නිකුත් කිරීම.)
  4. සිංහල / දමිළ / ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම පොත් අන්තර්ගත කල හැකි වීම.

පොත් නිකුත් කිරීම සහ ආපසු භාර ගැනීම.( Circulation)
  1. පුස්තකාලයේ ඇති පොත් පිලිබඳව ක්ෂණිකව තොරතුරු ලබා ගැනීම.
(විෂය අනුව / කතෘ / ග්‍රන්ථ නාමය / ISBN / ISSN මගින්)
  1. මෘදුකාංගය මගින් පොත් නිකුත් කිරීම සහ ආපසු භාර ගැනීම.
  2. නිකුත් කරන ලද පොත් සහ පාඨකයින් පිලිබඳව තොරතුරු ලබා ගැනීම.
  3. ස්වයංක්‍රීයව දඪ ගණනය කිරීම.
  4. කාර්ය්‍ය මණ්ඩලයට මෙන්ම පාඨකයින්ටද වෙනත් ප්‍රවේශයක් භාවිත කරමින් පුස්තකාල සුචිය ගවේශණය කළ හැකි වීම.
  5. නිකුත් කරන ලද පොතක් පාඨකයෙක් වෙනුවෙන් වෙන් කළ හැකි වීම සහ(Book Reservation System) ක්‍රියාත්මක කිරීම.
  6. පොත් සමීක්ෂණ කටයුතු දින කිහිපයකින් කළ හැකි වීම.

සංඛ්‍යා ලේඛන හා වාර්තා ලබා ගැනීම.
  1. දෛනික වාර්තා සහ මාසික වාර්තා ලබා ගැනීමට හැකි වීම.
  2. පාඨකයින්ගේ නාමලේඛන ලබාගත හැකි වීම.
  3. පොත් වල ලේඛනයක් ලබා ගත හැකි වීම.
  4. කතෘ / ග්‍රන්ථනාමය / විෂය අනුව ලේඛනයක් ලබා ගත හැකි වීම.
  5. සුචි පත්‍රිකාවල මුද්‍රිත පිටපත් ලබා ගැනීම.

ඉදිරි අරමුණු සහ ප්‍රයෝජන.
                ඉදිරියේදී පුස්තකාල වෙබ් අඩවියක් නිර්මාණය කර පවත්වාගෙන යාමත් යුනි කෝඩ් ක්‍රමය යටතේ(unicode) සිංහල පොත් සිංහල භාෂාවෙන් සුචි ගත කිරීමටත් දැනට ඉංග්‍රීසි භාෂාවෙන් සුචිගත කරන ලද පොත්වල විස්තර සිංහල භාෂාවට පරිවර්තනය කිරීම.
පුස්තකාල වෙබ් අඩවිය මගින් ඕනෑම ස්ථානයක සිට පුස්තකාලයේ පොත්පත් ගවේෂණය කිරීමට හැකි වීම.
මෙම මෘදුකාංගය භාවිත කිරීමෙන් පළාතේ සියළුම පුස්තකාලයන්ගේ දත්ත ගබඩා කරන තොරතුරු මධ්‍යස්ථානයක් ලෙස එකම ස්ථානයකින් (Server) කටයුතු කිරීමට හැකි වීම. ඒ තුළින් ආදායමක් ලබාගත හැකි වීම.

මේ පිළිබඳව වැඩිදුර තොරතුරු අවශ්‍ය නම් පහත දුරකතන අංක අමතන්න.

D.U.ඉසුරු සමරසිංහ                       S.L.D.කසුන්                       
077-1051972                                 077-1949716       

Aug 6, 2010

මෙවර අ.පො.ස.උ/පෙළ ට පෙනී සිටින හිතවත්, නෑදෑ, එකී,මෙකී,නොකී සියලුම සහෝදරයන්ට, සහෝදරියන්ට මාගේ හදපිරි සුභාශිංසන පිරිනමමි...!!!
ගුඩ් ලක්...!!!

Jul 18, 2010

Jun 24, 2010

 Dialog Telikom ෆොටෝ කොම්පිටිෂන් එකට මාත් ඉල්ලුවා....


මේ මාසෙ 30 වෙනකන් කල් තියනවා..
ඔයගොල්ලොත් මේ ලින්ක් එකට ගිහින් Like එකක් දාන්න...
ෆොටෝ එක ලස්සන උනාම මොකෝ කැත උනාම මොකෝ හිත හොඳ කොල්ලනේ.. :P

 http://www.facebook.com/photo.php?pid=600197&id=1679127693&ref=mf&fbid=1281050361227

Jun 16, 2010

ඔරායන් රාශිය ගැන මීට කලිං රස කතාවක් කිව්වනේ.. එයා ගැනම තවත් රසකතාවක් උපුටන්න තමා මේ සැරසුම.....
       ඇට්ලස් නම් මහා යෝධයාට ඉතාaමත් රූමත්, ප්‍රියංකර,සුකොමළ දූවරු 7 දෙනෙක් ඉඳල තියෙනවා.. දිනක් ඔවුන් අල්ලා ගැනීමට ඔරායන් ඔවුන් පසුපස පැන්නූවේ ය. මෙය දුටු "සියස්" නම් හිරු දෙවි දූවරුන් සත්දෙනා නපුරු ගොනෙකු(ටෝරස් රාශිය ) පිටුපස සඟවා තරු 7ක් බවට  පත් කලේ ය. ප්ලායඩස්(හත්දින්නත් තරු ) මේ දූවරුන් හත් දෙනායි. අනතුරුව ඔරායන් ද සියස් විසින් ම තරු රාශියක් බවට පත් කළේ ය.

                           ඔරායන් ඇට්ලස් යෝධයා ගේ දූවරුන් පසුපස එළවීම ඒත් නවතා නැත.ටෝරස්(ගොනා ) රාශිය දූවරුන් රකිමින් ඔරායන්ට ඇමිණීමට මෙන් සිටින්නේ ඒ නිසා ය. ඔරායන් ද ගොනා(ටෝරස් )ට පහරා දීමට මෙන් මුගුරක් අමෝරාගෙන සිටියි. සෑම රැයකම ඔරායන් දූවරුන් සත්දෙනා පසුපස පන්නයි. එහෙත් අහස කැරකෙනුවා සේ පෙනෙන නිසා ඔරායන් ඉදිරියට එන විට දූවරු හත්දෙනා ද තවත් ඈතට යති. මේ නිසා දූවරුන් හත් දෙනා කවදාවත් ඔරායන් ට අල්ලා ගන්නට බැරිවෙන සෙයකි.

       ඔරායන්ගේ ස්ටෝරිය - 1

Jun 15, 2010



ඔරායන් නෙප්චූන්ගේ පුතා ය. ඔහුගේ මව යුර්යට් නම් ඇමේසන් හි රැජිනයි. ඇය සටනට මෙන්ම දඩයමට ද ඉතාමත් දක්සියක වූවාය. මවගේ දස්කම් පුතාටද උරුම වී තිබිණි. ඔරායන් සිය මව මෙන් සටනට ද දඩයමට ද , ලෝකයේම සූරයා විය. දෙවියන් අතර පවා මේ අතින් ඔහු පැරදවිය හැකි කිසිවෙකු නොවී ය.


  ඔරායන්ගේ දස්කම් සමහර දෙවිවරු නොරිස්සූ හ. ඔවුන් විසකුරු ගෝනුස්සෙකු එවා ඔරායන්ට දෂ්ඨ කරවීය. හේ ඒ විෂෙන්ම මිය ගියේ ය. එහෙත් ඩයනා නම් දෙව්දුව විසින් ඔරායන් අහසේ තරු අතර සිටුවා අමරණීය කෙරිණ. දෂ්ඨ කළ ගෝනුස්සා ඔරායන්ට ළංවිය නොහැකි වන සේ ඌට ප්‍රතිවිරුද්ද පැත්තෙන් සිටවූවා ය.
හිරුගේ එක් පැත්තක ඔරායන් පිහිටි විට ඊට විරුද්ද පසෙහි ගෝනුස්සා හෙවත් ස්කෝපියෝ රාශිය පිහිටයි. එනිසා කවදාවත් ඒ බියකරු ගෝනුස්සා ඔරායන්ට ළංවනු තියා පෙනෙන්නටවත් නැත.




17 වන සියවසේ විසූ ස්විස් ජාතික හෙවිලියස් නම් තාරකා විද්‍යාඟ්ඳයා ඔරායන් රාශිය චිත්‍රයට නැගූ අයුරු.
[ උපුටා ගැනීම - විශ්වය සහ අපට පෙනෙන ග්‍රහලෝක හා තරු(ආර්.බී.අතපත්තු )  ]




ඔරායන් රාශිය ගැන තවත් රසකතාවක් බලාපොරොත්තුවන්න...

ප්රෞඩ ඉතිහසයකට උරුමකම් කියනා රිච්මන්ඩ් මෑණියෝ...
මහ බල පරක්රමය විහිදුවමින් හිදිනා
පැරකුම් නිරිදානන් පෙරටුකොට ගෙන ප්රභාමත්ව 
වැජඹෙන්නාහු ය......

ශතකයකුත් තිස් එක් වසක් අතික්රමණයෙන් 
දහසකුත් එකක් වියතුන් මෙසිරිලකට දායාද කරමින්....
හොර-බොරු නැති... ඇද-කුද නැති..
රිච්මන්ඩ්පුතුන් බිහිකරමින්.. සශ්රීක සමාජයක් ගොඩනන්වමින්...
රෝහණ දේශයේ ජීවය බදු රිච්මන්ඩ් නාමය
දීපයේ පෞරුශත්වය බවට පත්කළ
බලවේගය අන් කිසිවක් නොව..
ඇසිදිසි මානයේ අසමසම රිච්මන්ඩ් කමයි....


සියල්ල රිච්මන්ඩ් නමට ය.. කිසිවක් නොවේ තමනට...



█║▌│█│║▌║││█║▌│║▌║    
Copy Rights © dksljets.

Jun 12, 2010

****කිසියම් සංඛ්‍යාංක පරිපථයක ප්‍රදානය ලබාදෙන ආකාරය සහ ඉන් ප්‍රතිදානය ලැබෙන ආකාරය දැක්වීමට තාර්කිකව ගොඩනංවන වගුවක් "සත්‍යතා වගුවක්" ලෙස හැඳින්වේ.


මෙහිදී "ද්වීමය සංඛ්‍යා" පමණක් භාවිතයට ගැනේ..


එක් එක් වගුවට අයත් අයිතම ගණන දැන ගැනීමට ප්‍රදාන සංඛ්‍යාව දෙකේ පාදයට ගෙන ලබාගත හැක. ඒ බව උදාහරණ වලින් ඔබට පැහැදිලි වේවි...





මී ලඟට තාර්කික ද්වාර බලාපොරොත්තුවන්න....

Jun 7, 2010

 
පළමුවෙන්ම මෙවැනි ලිපියක් ලිවීමට සිදුවීම ගැන මම ඉතාමත් කණගාටුවෙමි..! 



මේ පුංචි ලංකාවෙ ඕනම අස්සක මුල්ලක ඉන්න දරු දැරියන්ට නිදහසේ අධ්‍යාපනය ලබන්න වරම් ලැබිල තියනවනේ.. ඒ කවුරු හින්දද කියල ඇහුවොත්.. ඕනම කෙනෙක් කියාවි .. "නිදහස් අධ්‍යාපනයේ පියා" ලෙසින් හැඳින්වෙන ශ්‍රීමත් C W W කන්නංගර මැතිතුමා නිසා කියල....



ඉතින් මේ සිද්දියත් වෙලා තියෙන්නෙ කන්නන්ගර මැතිතුමාගෙම ඉස්කෝලෙ වෙච්ච එක තමයි හිතට දුක... හැබැයි මේ ජාතියෙ වැඩක් මුලින්ම වුනේ නම් මේ ඉස්කෝලෙ නෙමෙයි, දකුණු ආසියාවෙ වැඩිම ළමයි ඉන්න ඉස්කෝලෙ හරියටම මීට අවුරුද්ද කලින්. දැන් දැන් ඒ ලෙඩේ තව ඉස්කෝල වලට බෝවේගෙන යනවා..


සිදුවීම කියනවනම් , සාමාන්‍ය පෙළ පාස් වෙලා උසස් පෙළ හදාරන්න ඉස් ඉස්සෙල්ලම ඉස්කෝලෙට යන නංගිලා මල්ලිලාට තමයි මේදෙය වෙලා තියෙන්නෙ. 
නිදහස් අධ්‍යාපනය ක්‍රියාත්මක වෙන රටේ, මේ අහිංසක දරුවන්ගෙන් උසස් පෙළ පංතියට යන්න නම් රු. දහස් ගානක මුදලක් එකවරම මේ ඉස්කෝල අයකරනවා...



වාර විභාග ගාස්තු, පහසුකම් හා සේවා ගාස්තු එකවර අවුරුදු 2 කට අයකරන අතරෙම, විද්‍යාගාර පහසුකම් කියල වෙනම ගණනකුත් මේ ඉස්කෝල එකතුකරනවා...
 ඇයි ඒ විතරක් යැ, දැන් අලුත්ම දඩේ පාසල් සංවර්ධන සමිතියට කියල අවුරුදු 2ට රු 1002 x 2 ක මුදලක්කුත් අයකරන්න පටන් අරන්.. කජු අටද කොස් ඇටද..? ආණ්ඩුව බදු අයකරනව වගේ මේ ළමයින්ගෙන් මේව අයකරන්නෙ .. 
මේම මුදල් නොගෙවන අය උසස් පෙළ පංති වලට සහභාගී කර නොගන්නා බවට අදාළ විද්‍යාල වල පරිපාලන ව්‍යුහයන් දන්වා තියෙනවා.. එයින් මිදීමට ඇති එකම මග "තමන්ට මෙම මුදල ගෙවීමට තරම් වත්කමක් නැතැයි" කියා ග්‍රාමසේවක මහතා සහතික කල ලියමනක් ඉදිරිපත් කිරීමයි...



මදක් සිතා බලනු...!
සුළු හා මධ්‍යම ආදායම් ලබන දෙමාපියන් බහුතරය මෙම ගැටළුවට මුහුණ පා සිටී, ඔවුන් සියලුම දෙනා ග්‍රාම සේවක මහතා හමුවී ලියුම් සහතික කර ගැනීමට නොයයි . මක් නිසාද යත් ඔවුන් සියල්ලම පාහේ සමාජයේ යම් ගරුත්වයක් සහිතව ජීවත් වන බැවිනි..


ඔවුන් තම දරුවා ගැන සිතා හතර අතේ ණය වී මෙම අසාධාරණ බදුමුදල් .පාසල වෙත ගෙවීමට අවසානයේ තීරණය කරයි..


මා මේ ලිපිය ලියන්නේ ඒ පීඩිත පාන්තික දෙමාපියන් වෙනුවෙන් ය.... මෙය ලිවිය යුතුව තිබුනේ පුවත් පතකට වුවත් එවන්නක් කිරීමට තරම් මා හට එක්ස්පීරියන්ස් නැති හෙයින් සිංහල බ්ලොග් කරුවන්ගේ සංසදය වෙත ලිවීමට අදස් කළෙමි.

මේ පිළිබඳව අදාළ බලධාරීන්ගේ ඇස් කන් අරේවා කියා පතමින් මම නවතිමි...!!

(අපේ කාලයේ මෙවැනි බදුමුදල් නොපැවති බව සඳහන් කල යුතුමය )

May 11, 2010

ඇත්තටම කියනවනම් මේකත් නිකමට වගේ පටාස් ගාල ආපු අයිඩියාර් එකක්...
මම නින්ග් වැඩ්ඩ කියල කට්ටිය කියනවනේ.... ඉතිං නින්ග් වල තියන දේවල් වලින් උපරිම ප්‍රයෝජන ගන්න ඕන කියල හිතුණා.....

මේකට හොඳම කෙනා කසුන් කල්හාර බව අමුතුවෙන් කියන්න ඕන නැහැනේ.... ඉතින් පළමු පියවර තිව්ව කසුන්ගේ නින්ගකින්... මේ තියෙනෙ URL එක.KKFH  මේකට දසයා(දර්ශන ) සෑහෙන්න උදව් කලා... ඒ වගේමයි ජනියායි මල්ෂානුයි... බොක්කෙන් සප් එක දුන්නෙ..... දැන් යස අගේට භාණ්ඩෙ තියනවා ඕගොල්ලොත් බලන්න......


ඊළඟට මැක්සා එක මෙන්නDMDJ මේක මට ආපු සිරාම අයිඩියා එක...  DMDJ Music කියල ඉමේජ් එකකුත් ගහ ගත්ත දැන් නම් පංකාදු පහයි......  කට්ටියම ඇවිල්ල සයින් අප්/ඉන් වෙන්න කියල ඕපන් ආරධනාවක් කරනවා....

මොකද හිතන්නෙ අලුත් වැඩේ ගැන....?

May 6, 2010




රන්මිණි තැන්න කිව්වම මොනවද මතක් වෙන්නෙ..? මේක තවත් එක තැන්නක් එහෙම නොවෙයි.... මේක තමයි ලංකාවෙ ප්‍රථම හා එකම ටෙලි සිනමා ගම්මානය..

රන්මිණි තැන්න නිර්මාණය කරන්න කන්සෙප්ට් එක ආවෙ අපේ රටේ අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාට කියල අමුතුවෙන් කියන්න ඕන නෑනේ... එතුමා මේ කරපු ඓතිහාසික නිර්මාණයේ ප්‍රථම ටෙලි සිනමා අත් දැකීම ප්‍රකට අධ්‍යක්ෂක වරයෙක් වන සුදත් රෝහණ අතින් නොබෝදිනකින් එළි දකින්නත් සූදානම්......

ඉතිං මං මේ ලිපිය ලියන්නේ මේ නොදන්න දේවල් ගැන බොරු කියන්න නෙමේ.... මගේ යාළුවෙක් රන්මිණි තැන්න බලන්න ගිහින් අරගත්තු පින්තූර වගයක් මට දකින්න ලැබුනා... ඉන් කිහිපයක් ඔයාලටත් පෙන්නන්නයි. මට ඕන කරන්නෙ.... මොකද කියනවානම් මගේ ලොකු කන්සෙප්ට් 1ක් තියනවනේ Sharing & Caring කියල.
  





ඉතින් මේව බලල ෆීඩ් බැක් එකකුත් දීල, නවතින්න එපා... ඔයගොල්ලොත් මේක ෂෙයාර් කරන්න... හා.. මේ, මතක ඇතුව ඉඩ තියන වෙලාවක අනිවර්යෙන්ම රන්මිණිතැන්න බලන්න විසිට් එකක් දාන්න.....

එහෙනම් සී . යූ.  
ආයි හම්බවෙමු.!

Apr 30, 2010

කවුරු හරි දන්නවද වින්ඩෝස් සෙවන් වල..
ෆෝල්ඩර්ස් අතුලේ අයිකන්ස්  ඔටෝ ඇරේන්ජ් ඩිසේබල් කරන හැටි..?
 දන්නව නම් මෙතන කරන හැටි ලිව්වනම්..!

Apr 27, 2010

ඇත්තටම මේ මොකද්ද ..?
විහිලුවක් ද ? එහෙමත් නැත්නම් ලොතරැයියක් ද...?
දෙයියො තමයි දන්නෙ.....
        හැබැයි......හෙට රෑ 7 ට ෆෑන්ස් හබ් එක පැත්තෙ ගියෝතින් මේ මොකද්ද කියල හරියටම දැනගන්න පුලුවන්...!!!

                                                                                               

30 වෙනිදා පැවැත්වෙන 2010 ලෝක කුසලාන පළමු 20-20 තරගයේදී මහේල ලබාගන්නා ලකුණු සංඛ්යාව අනුමාන කර රු 500/=ක රීලෝඩ් 1ක් දිනාගන්න!!





Apr 26, 2010

ඔන්න අවුරුද්දත් එක්ක අයිමත් වී8 කණ්ඩායම කාර්යබහුල වුණා නොවැ....
කට්ටියම එකට එකතු වුණේ. මුළු ගාල්ලම හොල්ලල යන වැඩක් කොරන්න...
ඉතින් ඒකෙ සෑහෙන්න වගකීමක් මටත් තිව්ණ. මොකෝ මම වී8 එකේ ලේකම් කියල කව්දෝ දවසක් මට කිව්ව.. ඒකයි...  


ඔන්න 17 වෙනිදා ආව. කට්ටිය රත් වුණේ එදා තමයි.. මොකද කියනවනම් අවුරුදු උත්සවේ තියන්න කතාකරගත්තෙ 19 වෙනිද.... ඩඩිං බිඩිං ගාල මීටිමක් කෝල් කරා.... කට්ටියව එකතුකරගෙන අපේ සරින්දයා මාර කට්ටක් තමයි කෑවෙ... එහෙම තමයි බොක්කෙන් වැඩ කරනකොට....!

දැන් 18 වෙනිද කාන්ඩෙම එක එක දිහාවෙ රාමෙට වැඩ... එක දිහාවක සැරසිලි.., තව දිහාවක උණ බම්බු:පුවක් කොටන්: ග්‍රීස්.. වගේ ඒව එකතු කරද්දි කවුරුත් නොදන්න වැඩකුත් උණා ඉස්කෝලෙ පැත්තෙ අපි ටික සෙට් වෙලා ප්ලෑන් කරනව, ෆයිල් හදනව ,  ආර්ගිව් කර කර පිස්සු වගේ.. කුජීතයි.. !!!

කොහොම හරි 18 වෙනිද හවස් වෙද්දි වැඩ ටිකෙන් භාගයක් විතර ඉවරයි..  ඔන්න සීසන් එක පටන් ගත්ත... 18 හවස 6ට විතරනේ මතක් වෙලා කිරි ගේන්නයි මුට්ටි හොයන්නයි.., එක එක ඒව  හොයන්න බයික් වල නැගල රවුන් ගැහුවෙ, අපරාදෙ පෙට්‍රල් කියලත් හිතුන.. අව්ලක් නෑ එක්ස්පීරියන්ස් එක හම්බුනානෙ ඊලඟ පාරට නේද...? 

ඔය අතරෙ පොල්තෙල් පාන ගැනත් මං ඔලුවෙ තියාගෙන උන්නෙ... ඒකතමා ඔය පින්තූරෙ යස අගේට පත්තුකරන්නෙ අපේ ඉස්කෝලෙ ප්‍රින්සිපල් තුමා...

හරි හරි කොහොමින් කොහොම හරි 19 උදේ 6ට විතර ගාල්ල සමනළ ග්‍රවුන්ඩ් එකට සෙට් උනා... ඔන්න උදේම මැරතන් එක පටන් ගත්ත ෆුල් ආතල්.....
ඊලඟට තරඟ වලට ලියාපදිංචි කරන්න ගත්ත 8 ඉඳන්.. අපොච්චියේ ඒකට වැඩිය අමාරු වැඩක් ලොවෙත් නෑ .. මට එපා වුණා..... ඇච්චො පැච්චො උඩ පැනගෙන කොහෙන් ආපු එවුන්ද මංද... කොහොම නමුත් ක්‍රවුඩ් එක ආව 2500 පන්නල .. අපිටනම් මාර බිසි.. ඒත් ෆුල් හැපී...
 අහ් මේ දන්නවද වැඩක් රෙකෝඩ් එකකුත් තිව්ව,  මොකද්ද දන්නවද? කනා මුට්ටිය බිඳින ඉවෙන්ට් එකට කට්ටිය 96ක් රෙගිස්ටර් වෙලා හිටිය.... නොවැ.

ඔන්න ඔහොම වැඩේ නැගල ගියා... හවස් වේගෙන එද්දි ආතල් එක වැඩි උනා ඇයි දන්නවද.. අවුරුදු කුමාරි තරඟෙ බලන්න සූ ගාල සෙනග.... බුරුතු පිටින්.. ඊටත් වඩා ඒක විනිශ්චය කොරන්න ගෙන්නුවෙ අර සුපර්ස්ටාර් මංජුලා නිවන්ති ...! මාර චියර් එක එයාටත්......  

 ඔන්න මේ පින්තූර ඉන්නෙ එයාල තෝරපු අවුරුදු කුමාරි තමයි... 
මාර ලස්සනයි නේද..?

පැනි කොමඩු ගෙඩියක් වගේ නේද..? හී හී....

ඒකත් ඉවර උනා කියමුකෝ ... හිරු එෆ් එම් එකේ කන්ටේනර් එක ආවනේ බෑන්ඩ් එකත් එක්ක රාත්‍රී සන්ගීත ප්‍රසන්ගෙට ඒක බලන්නත් මාර සෙනග.... ඇයි අර ඇන්ඩ් කොම්පැනියේ හෙලරුවනුත් ආවනෙ.. මෑන්ස් මාර ෂෝ කෑල්ලකුත් දැම්මනේ ස්ටේජ් එකේ... මැක්සිමම්.....

ඉතිං ඔන්න ඔහොමයි අපේ වී8 අවුරුදු උත්සවේ.. ගියේ.. කව්ද හිතුවෙ අපිට මේතරන් දෙයක් කොරන්න පුළුවන් වෙයි කියල... නේද.. මාර සෙන්ටිමෙන්ටල්. ගාල්ල දෙදරල ගියා කිව්වොත් කවුරුත් ඔව් කියයි.. වී 8 නම තියන්න මේපාර අපිට පුලුවන් උනා... ලබන සැරේ කොහොම වෙයිද..? හිතාගන්නවත් බෑ...

අපේ වෑයම ගැන ඕගොල්ලොන්ට හිතෙන දේත් ලියන්න අමතක කරන්න එපා...

සුභ අළුත් අවුරුද්දක් වී-එයිට්...!

Apr 12, 2010

 උදාවන නව වසර යස ඉසුරින් පිරි සියලු සිතුම් පැතුම් ඉටුවන සාමය සතුට පිරි සුභ අළුත් අවුරුද්දක් වේවා...!!!!  
 
 

Mar 10, 2010


හායි...!!
ඉතිං කට්ටියටම අයුබෝවන්......
අද මම හිතුව මම ජීවිතේට බලපු ලස්සනම ලස්සන මූවි එක ගැන ලිව්වොත් හොඳයි කියල...

    සෝ............ එකෙ නම  ඇවිල්ල "ප්යාර් ඉම්පොසිබල්"  ලඟදි අවුට් උනේ.... මම ඒක හරියට බැලුවෙ අද තමයි... කලිං බැලුවෙ කැමරා කොපිය. ඔරිජිනල් එක දුන්නේ මල්ෂාන්....... මෑන්ස්ටත් ස්තූතියි
කියන්න ඕන.  නැත්නම් හරිනෑනේ...
කොහොම හරි ඒක බලපු වෙලාවෙ ඉඳන් මට නිකන් මොකද්ද මොකද්ද වගේ... (සීරියස් කියන්නේ)

          එකට මම ආස වෙන්න හේතු ගොඩාක් තියනව... එකක් තමයි.. "UNIFY" ඒක මාරයි.. , මගේ ප්‍රියතම සබ්ජෙක්ට් එක තමයි.. සොෆ්ට්වෙයාර් ෆීල්ඩ් එක මේ මූවි එකේ බේස් එක තමයි ඒක.....
         ඊළඟට කියන්න ඕන ටානියා ගැන... ටානියා කියන්නෙ ෆිල්ම් එකේ ඉන්න චූටි නංගි.. එයා මාර කියුට්... සිරා ඇක්ටින්. ඇන්ඩ්.. ෆයිනලි., ඉස්ටෝරිය මැක්සා ..!!

         දැන් මට හිතෙන්නේ " ප්යාර් ඉස් පොසිබල් " කියලයි... ඒක පුදුම හැඟීම්බර ඒ වගේම ලස්සන බැක්ග්‍රවුන්ඩ් යුස් කරල හදපු මූවි එකක්.... එකේ ඩිරෙක්ටර් ව තමයි මම මේ හොයන්නෙ මට එයාව හම්බෙන්න තරන් ආසාවක් ඇති උනා ඔරිජිනල් මූවි එක බලපු වෙලාවෙ ඉඳල...  ඔයි කට්ටියත් බැලුවෙ නත්නම් දැන්ම බලන්න....

   අද කාලෙ පරුෂ වචන වලින් තොර චිත්‍රපටියක් (විශේෂයෙන්ම හිංදි ) හොයනව කියන්නෙ කලුනික හොයනව වගේ වැඩක් නොවැ...
මේකෙ ඒ වගේ වචන නෑ..කට්ටියත් එක්ක එකට ඉඳගෙන බලන පුලුවන් මනසත් මාර විදියට සැහැල්ලු වෙනවා....
 එහෙනම් කට්ටිය ෆිල්ම් එක බලල මෙතන කොමෙන්ට් එකකුත් දාන්න අමතක කරන්න එපා.... මම දැන් අයිමත් ඩිල් එක බලන්න යනවා... නැවත හමුවෙමු..!!!

මතක තියාගන්න "ප්යාර් ඉස් පොසිබල්"

Mar 8, 2010

ඉංග්රීසි භාෂාවෙන් පළ කළ නොහැකි අදහසක් පළ කිරීමට වුවමනා වූ විට ඔවුන් එකහෙලා පිහිට සෙව්වේ ග්රීක භාෂවෙනි.

විශේෂයෙන්ම විද්යා අදහසක් ප්රකශ කරනු සදහා..ඉංග්රීසියෙහි වචන හිග වන විට ඔවුන් දිව්වේ ග්රීසියටය.
මේ අතින් ඉංග්රීසි භාෂාව පමනක් නොව බොහෝ යුරෝපීය භාෂාවන් ස්වකීය වාග් මාලා වල වර්දනය සම්බන්ධයෙන් ග්රීකයන්ට ණය ගැතිය....

ග්රීක භාෂාව ඈත අතීතයේ පටන් කෙතරම් පොහොසත් සහ සුඛනම්ය භාෂාවක් වීද කිවහොත් රැවුල බෑම සදහා එකල ඉංග්රීසියෙහි වචනයක් නොතිබුණු හෙයින්, ඔවුන් ඒ සදහා පාවිච්චි කලේ ග්රීක බසින් ණයට ගත් පොග්නොටොමි(POGNOTOMY) යන පදයයි...

ඉතිහාසයෙහි හෙළි වන පරිදි ක්රිස්තු පූර්ව 400 වන විට ග්රීසියේ ඉහළ පැලැන්තියේ පුද්ගලයන්ගේ රැවුල නිතිපතා කපනු සදහා කරණවෑමියෝ හෙවත් බාබර්ලා සේවයේ යෙදී සිටියහ.

ග්රීකයන්"පොග්නොටොමි" යනුවෙන් හැන්දින් වූයේ මේ රැවුලකැපීමේ ශාස්ත්රයයි..

හැබැයි එදා මිනිසුන්ගේ රැවුල කපනු සදහා පාවිච්චි කරන ලද්දේ කොටකිණිසි වැනි ආයුධ වර්ගයකි. බොහෝ ග්රීකයන් මෙන්ම රෝමයන්ද රැවුලකැපීමට වඩා රැවුල වැවීම ඇගට ගුණදායක බව තේරුම් ගත් නිසා දෝ බාබර්ලාගේ කිනිස්සට මුහුන පෑවේ ටික දෙනෙකු පමණි...

රැවුල කැපීමේ ශාස්ත්රය අළලා ප්රචලිතව ඇති තවත් රසවත් ඓතිහාසික සිද්දීන් ද නත්තේ නොවේ.... මීට වසර 3000කට පමණ පෙර දකුනු ඇමෙරිකාවේ පීරු දේශයේ විසූ 'ඉන්කා' නමැති ගෝත්රයට අයත් පුද්ගලයෝ රැවුල කපනු සදහා ග්රීකයන්ගේ කිණිස්සට වඩා දියුණු හා තියුණු ආයුධයක් පාවිච්චි කලහ. ඉන්කාවරුන්ගේ 'දැළිපිහිය' ග්රීකයන්ගේ කිණිස්සට වඩා දියුණු තත්වයක පවතුණු බවපෙනේ...

ඉන්කා දැළිපිහියේ මුවහත තිබුනේ එක පැත්තක පමණි. අදුරු කොලපහැති පාෂාණ වර්ගයකින් තැනූ මේ දැළිපිහියේ කැපෙන පැත්ත බිදුණු වීදුරු තහඩුවකට සමානය.

එහෙත් අවාසනාවකටමෙන් සියලු ඉන්කා වරුන් රැවුල බෑ යුතු බවට රජයෙන් පනවා තිබුණි. ඒ නිසා රැවුල තියා බෙල්ල කැපී ගියත් ඉන්කා ජාතිකයාට ඒ කටුක පිහියට මුහුණ පෑමට සිදු විය... :p

ග්රීකයන් හා ඉන්කාවරුන් පාවිච්චි කළේ ඒ කඨෝර හා ගොරෝසු 'දැළිපිහි' මෙකළ පවත්නා කාර්යක්ෂම උපකරණ බවට පත්වීමට ශතවර්ශ ගණනාවක් ගතවිය.

විසි එක් වන ශතවර්ශය වන තුරුම බාබර්ලා අතින් කැපුනේ පිරිමින්ගේ රැවුලට වඩා මුහුණය.

එබදු අන්තරායකින් තොරව රැවුල බෑමේ භාග්යය අපට උදා වූයේ "සේෆ්ටි රේසර්" නමින් හදුන් වන අනතුරු විරහිත වර්තමාන දැලිපිහිතල නිපදවීමෙන් පසුවය.

මේ නව දැලිපිහිතලය වුවද ඇතම් විට අනතුරුදායක නොවූයේ නොවේ.
මුහුනේ සමට කිසිදු ආපදාවක් සිදුනොවන ආකාරයෙන් වත්මන් මිනිසාට රැවුල බෑමට හකිවූයේ දෙවන ලෝක යුද්ධය පටන් ගැනීමට වසර ස්වල්පයකට පෙර පටන්ය. එදා නිපද වූ ඒ සම්පූර්ණ ආරක්ෂා සහිත "දැළිපිහිය" නම් විදුලි බලයෙන් ක්රියාකරන රැවුල කපන යන්ත්රයයි... නැත්නම් ඉතින් අපිටත් බුදුසරණයි.....!!!  ඕඕඕප්ස්......!



කොපිරයිට්ස් ©  ඩී.කේ.එස්.එල්ජෙට්ස්

Mar 4, 2010

ඔන්න ඉතිං මං ඊයෙ රාත්‍රියේ 9.30 ට විතර එෆ්.බී. එකට ලොග් උනා... කාලෙකට පස්සෙ නිදහස් දවසක් ආවෙ.. පහුගිය දවස් වල එක දිගට වැඩනේ.... චැට් එකත් දිගටම ඕෆ්ලයින්....

ඔන්න ඔන්ලයින් ගියා... විනාඩි 5යි ගියේ.. දන්න කියන නංගිකෙනෙක් ආව චැට් කරන්න.. ඔහොම යනකොට... වෙලාව දන්නෙත් නෑ..  එකපාරටම නංගි කිව්වා වෙලාව දැන් එකත් පහුයි කියල... සෝ.. එයාට බායි.. සීයූ.. ටකේකරේ.. කියල වතුරටිකක් එහෙම බීල.. එෆ්.බී. එකේ ෆෑන් පෑජ් දෙක තුනකුත් අප්ඩේට් කරල බලද්දි වෙලාව 3.25යි.. එහෙම්මම සිස්ටම් එක හර්බිනේට් කරල බුදියන්න ගියා.......
නින්ද ගියාද නැද්ද කියලත් මතක නෑ... 

උදේ පාන්දර ටෙලිෆෝන් එක රින්ග් වෙනව උස්සන්නෙත් නෑ කවුරුවත්.. ටෙලිෆෝන් එකටයි ගෙදර අයටයි බැන බැනම ගියා ආන්සර් කරන්න.. මටම තමයි.. හිරාන් කියල  යාලුවෙක් . මිනිහා කතා කරනවා ඉස්කෝලෙට යන්න චරිත සහතිකේ ගන්න, හුටා@@ වෙලාව 11.25යි. උදේ පාන්දර කිව්වට මහ දවල්නේ.. මෑන්ස්ට බෝලයක් බස්සල කට් එක දැම්ම. ගෙදර කට්ටියත් දොරවල් වහල එහෙම ඉස්කෝලවලටයි ඔෆිස්වලටයි ගිහිල්ල...

මේසෙ උඩ තේකකුත්  තියනව.. හැබැයි බොන්න බෑ.. සීතලයි කියන්නෙ.. කූල් වෙලා.. එක අතැරලා.. කට හෝදල ටවල් එකත් අරන් ගියා මූන හෝදන්න.. හෝදන් ඇවිත්.. ටීවී එක දැම්ම.. ඒකෙත් බහුබූත. එකටත් දෙක තුනක්  කියල අයිමත් ගියා ෆේස් බුක් පැත්තට..! හ්ම්ම්.... ටිකකට පස්සෙ. උදේට(දවල්ට ) කාල එහෙම ආයි ඉන්නකොට. අර නංගි ආව ඔන්ලයින්.. චුට්ටක් චැට් කරල .. මං කිව්ව නාගෙන එන්නම් කියල .. එයාට අනංමනං ජෝක් ටිකක් කියල .. ගියා නාන්න.. [ අමතක උනානෙ. : උදේ මූන පිහදාල ටවල් එක බාත්‍රූම් එකේමයි තිව්නේ ]  ටවල් එක හොයල පස්සෙ මතක් උනා තියන තැන.. ඒපාර ගියා නාන්න....

නාගෙන මොකද්ද කරන්න ඕන.... ඔලුව පිහදාන්න එපැයි නේද..? ගත්ත ටවල් එක .. බුදුඅම්මෝ... ටවල් එකෙ ඉඳල මොකෙද්ද අඟට පාත් උනා..
බැලුවහම හූනෙක්... වම් උරේට පැන්නේ ඌ.. ඒකව පන්නල..  පිහදාගෙන  .. දන්නවද මං මුලින්ම ගියේ කොහේටද කියල..?  ඕගොල්ලො දන්නෙ කොහොමද.... මං ගියේ කුස්සියට..... ඇයි දන්නවද..? කන්න බොන්න එහෙම නෙමෙයි.. බඩගිනි නෑ.....  අපේ කුස්සියේ දොරේ එල්ලල තියනව ඈපා ලිතක්..  හරවල බැලුව හූනන් ඇඟ වැටීමේ ඵලාඵල..  හුටා@@@.... වම් උරේට වැටුනම මොකෑ වෙන්නෙ..?  ඕගොල්ලොත් ලිතක් තියන්වනම් බලන්න.. නැත්නම් මං පස්සෙ කියන්නම් සිහිය ආවම.. තාම මට සිහිය නෑ......

මදැයි වෙච්ච දෙයක්..!

Jan 24, 2010

අද ටිකක් වැඩ වැඩියි,.... හෙට නම් ෂුවර් එකට දානවා

Jan 3, 2010


සඤ්ඤාවෙන් හා මනසින්ද යුක්ත වූ
බඹයක් පමණ වූ මේ සිරුරෙහිම
ලෝකයත්, ලෝකයේ හටගැන්මත්,
ලෝකයේ නැතිව යාමත්, ලෝකයේ
නැතිවීමට හේතුවන මාර්ගයත් පණවමි....." - බුදුහු





Music

manokaya.tk

www.blog.dulithkasun.com