Jul 11, 2012



Michael Angelo
ඔහු නමින් මයිකල් අන්ජෙලෝ ලොඩෝවිකෝ බුවනෝරිටි සිමෝනි ය. “මයිකල් ආන්ජෙලෝ” කියූ පමණින් ඔහු නොදන්නා කෙනෙකු මිහිකත නැති තරම් ය. ක්‍රි.ව. 1475 මාර්තු මස 6 වනදා සියැසින් ප්‍රථම වතාවට ලොව දාර්ශනය කළ ආන්ජෙලෝ.. සියවස් ගණනාවක් තිස්සේ ජන මන රංජනය කිරීමට සමත් විය.  
කලා ලොව සුප්‍රකට ඉතාලියානුවා “ලියනාඩෝ ඩාවින්සි” ගේ සමකාලීනයකු වූ ආන්ජෙලෝ.. ඩාවින්සිට නොදෙවෙනි විස්මිට නිර්මාණ මෙලොවට දායාද කළ ජගතෙකි. වෘතියෙන් ප්‍රතිමාකරුවෙකු, චිත්‍ර ශිල්පියෙකු, ගෘහ නිර්මාණ ශිල්පියෙකු, කවියෙකු, ලේඛකයෙකු පමණක් නොව ඉංජිනේරුවෙකු ද වූ ආන්ජෙලෝ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කලා කරුවෙකි. පරි පූර්ණ මිනිසෙකි. 
Image
ඔහු ජීවත් වන සමයේ විශිෂ්ඨතම කලා කරුවා ලෙසින් හැඳින්වුනු ආන්ජෙලෝ, ප්‍රතිමා නිර්මාපනයේ විචක්ෂණිකයෙකු විය. ඔහු විසින් මෙලොවට දායාද කළ නිර්මාන අති මහත් ය. ක්‍රි .ව. 1504 දී ඔහු විසින් නිම කළ “ඩේවිඩ්” ප්‍රතිමූර්තිය , ආන්ජෙලෝගේ ජීවිතයේ සුවිසල් කඩඉමක් විය. | “ඇපොස්ටොලික් මන්දිරය” හෙවත් වතිකානුවේ “සිස්ටින් චැපල්” හි සිවිලිම තම අඟිලි තුඩෙන් නිමවූ සිතුවම් වලින් පුරවන්නට ඔහු සමත් විය…  ඒ සඳහා ඔහුට පුරා සිවු වසරක් කැපකිරීමට සිදු විය.
රේචල් සහ ලේයා සමඟ 1515 දී මෝසස් මධ්‍යස්ථානයේ සිතුවම් නගන්නට ද ආන්ජෙලෝට හැකි විය. 1536 සිට 1541 දක්වා කාලය තුල “ශාන්ත බර්තොලමියෝ ගේ අවසන් තීන්දුව” නම් සිතුවම ලොව පුරා ප්‍රචලිත වූ තවත් කදිම නිර්මාණයකි. මේ ප්‍රතිභාපූර්ණ කලා කරුවා , 1564 ට පෙර රෝමයේදී ඉදිකළ ශාන්ත පීතරගේ බැසිලිකා මැදුරේ සියලු නිර්මාණ සැලසුම්කරණයන් කර, තමන් අති දක්ෂ ඉංජිනේරුවෙකු බව ලොවට කියා පෑවේ ය. 
1564 දී මෙලොවේ සමුගන්නා විට ආන්ජෙලෝ ප්‍රකට ලේඛකයෙකු ද විය. 
” The flesh now earth, and here my bones,
Bereft of handsome eyes, and jaunty air,
Still loyal are to him I joyed in bed,
Whom I embraced, in whom my soul now lives…”

0 අදහස්:

Post a Comment

Music

manokaya.tk

www.blog.dulithkasun.com