Feb 7, 2024


 ජනප්‍රවාද හිනිදුම්පත්තුවේ ගම් නම් හැදුන හැටි

හිනිඳුම්පත්තුව ගාල්ල දිසාවට අයත් සිංහරාජ වන අඩවිය සීමා කරගත් ඉපැරණි ගම්මාන සහිත කඳු පියසකි. මෙහි ගමනාගමනය එකල අතිශය දුෂ්කර වූයේ ගිංගඟත් එයට එක්‌වන ඇළ දොළ ජල දහරාත් ඇති බැවිනි. ඇළ දොළට යෙදූ ඒ දණ්‌ඩකින් යැමට සෑම නිවසකටම අවශ්‍ය විය. ගිංගඟ හරහා එල්ලන ලද වැල් පාලම් එකල විය. ඒවාට "කොළව" යනුවෙන් නම් තැබිණි. මේවා පසු කාලයකදී කම්බි පාලම් බවට පත්වී අද කොන්ක්‍රීට්‌ පාලම් වී ඇත.


ගංගාවේ තොටුපළවල් සඳහා එකල වූයේ "අඟුල" නම් වූ අවදානම් ලී දණ්‌ඩකි. හබල් ගසා එය පැද්ද යුතුය. පෙරළුනොත් අවදානම්ය. මෙවැන්නක්‌ මෑතක්‌ වනතුරු පණංගල රද්දල්ගොඩ තොටුපළේ විය. සිංහල රජ කාලේ උඩරට රාජධානියට සම්බන්ධව හිනිදුම්පත්තුව පැවතුනි. උඩරට සිරිත් විරිත් අදත් මෙහි වැසියන්ගේ චාරිත්‍ර වාරිත්‍ර අතර වෙයි. වරක්‌ රාජසිංහ රජතුමා සිංහ රාජය හරහා ඇතෙකු පිට නැගී නෙළුව ඇඹලගෙදරට පැමිණ තිබේ. එම ඇතා දම්වැල් දමා බැඳ සිටිය දැවැන්ත කොස්‌ ගසේ මුල මෑතක්‌ වනතුරුම ඇඹලගෙදර විය. නෙළුව පාලමට නුදුරුව මේ ගම ඇත.


විජය බාහු රාජකුමාරයා සේනාවක්‌ සමඟ පලාගොස්‌ සැඟවී සිටියේ "තඹලගම" ය. මේ නම ඉතිහාස පොතෙහිද ඇත. රාජමහා විහාරයක්‌ බටුවන්ගල පිහිටියේය. සබරගමුව දිසා මායිම පිහිටි ගමට අද හබරකඩ යයි කියති. කඩයිම් ගල පිහිටි ගමට කඩිහිංගල යයි කියනු ලැබේ. මෙය කළුබෝවිටියන්කන්ද සීමා කරගෙන ඇත. එහි පාලකන්ද නමින් පැරණි ගම්මානයක්‌ වෙයි. ඊට නුදුරින් "දේවාලේගම" පිහිටියේය. මෙහි ගම් නම් හැදුන හැටි ගැන දැන් විමසා බලමු. බොහොමයක්‌ ගම් ගස්‌ වර්ගවල නාමයෙන් හැඳින්වෙයි.


මිල්ලව - මිල්ල ගස්‌ නිසාය.


දෙල්ලව - බැදිදෙල් ගස්‌ වැඩි වූ නිසාය.


කඩිහිංගල - කඩයිම්ගල කඩිහිංගල වී ඇත. කඩයිම නිසාය.


ලේල්වල - ලේල්ලුන් පිරි වළක්‌ වූ බැවිනි. ලේල්ලුන් අදත් සිටී.


බරණිවල - රජ අබරණ බරණයක ලා දියවළක දමා ඇති නිසා යයි කට කතාවට කියයි. බරණියක්‌ වැනි රවුම් ආවාටයක්‌ ඇති නිසා මේ නාමය ගමට වූ බව ද පෙනේ.


නෙළුව - නෙළු නමැති කුඩා ගස්‌ වර්ගය නිසාය.


හප්පිටිය - හිප්පිටිය හප්පිටිය වූ බව කියයි. තේරුම අප්‍රකටය. පැරණි කල අංවිටි, පොල්විටි තිබෙන්නට ඇත.


කොස්‌මුල්ල - කොස්‌ ගස්‌ ගැවසීගත් නිසා.


කීණියාවල - කීන ගස්‌ වූ නිසාය.


මාවිට - මහඕවිට මහෝවිට මහවිට වී ඇත. ගඟ අසබඩය.


ගිගුම් මඩුව - අතීතයේදී නැටුම් ගැයුම් ගී සාලා තිබුණ ගමයි.


"නැටුම් ගැයුම් ගී සාලා ඉමක්‌ නැතී ගිගුම් මඩුගමේ අවුරුදු යන්ට යතී."


හබරකඩ - හබරගමුවට මායිම නිසා.


මාවනාන - තේරුම ඇපහැදිලිය.


පොල් බිඳෙන කොත - පා ගමනින් කඳු මුදුනට යනවිට ගෙන යන පොල් ගෙඩිය බිඳී පිටදිගේ ජලය බේරී යන වග කියති.


දෙහිගැටදොළ - පැරණි යාග හෝම පැවැත්වූ ස්‌ථානයකි.


තවලම - කරත්තවල බඩු පුරවා හෝ ගවයින්ගේ පිටේ බඩු පටවාගෙන යන ගමන රාත්‍රි කාලයේ නතර කළ ස්‌ථානය. මීට නුදුරින් පැරණි අම්බලමක්‌ද තිබිණි.


හිනිදුම - උස්‌ කඳු පිහිටි බිම, හිනිදුම කන්දක දැනට කල්වාරි පුදබිම පිහිටා තිබේ.


පනංගල - පණයංගල පනංගලය. අතීතයේදී ගිංගඟ දිගේ පහුරෙන් ගොස්‌ එක්‌තරා ස්‌ථානයක පිහිටි ගලක්‌ මත මුදල් කාසි පූජා කළ ගලක්‌ නිසා පණයංගල පණංගල වී තිබේ.


කෝරළේගම - කෝරාළ හිටි ගම


රද්දැල්ගොඩ - ගිංගඟ අද්දරය නාමයේ අරුත අප්‍රකටය.


තලන්ගල්ල - තලන්ගොල්ල තලන්ගල්ල වී ඇත. තලන් නමින් තුරු විශේෂයක්‌ ඇත.


මල්ගල්ල - මල්ගොල්ල මල්ගල්ලය. තැනිතලා බිම් කඩකි.


හල්විටිගල - හැල්වැටිගල හල්විටිගල විශාල ගිරි කුළක්‌ ඇත. එය වටා හැල් කුඹුරු තිබේ. මේ හැල් අතීතයේදී කුඩා ජලාශයන් වන්නට ඇත. යුද සමයේදී ගල මත සුදු කොඩියක්‌ සවිකර තිබුණ වග ගම්මු කියති. ඒ යකඩය අදත් ඇත. ගිරිලෙන් විහාරයක්‌ද මේ ගමේ ඇත.


ඕපාත - ඔය පහල යන අර්ථයෙනි. බාණගලින් ගලා යන ඔයක්‌ තිබේ. මෙය හුලන්දාවෙන් නිල්වලා ගඟට වැටෙයි.


වීරපාන - වීර පහන වීරපාන වී ඇත. ප්‍රාදේශීය නායකයෙක්‌ කලක්‌ මෙහි ජීවත් වී තිබේ. එම වීරයා සිටි ගල වීරපහන යයි නම්වීමෙන් ගමට නාමය සැදී තිබේ. මෙතෙම නාග ගෝත්‍රිකයකු විය හැකිය.


"වීරපාන ගල්දෙබලෙන් ආ නයි දෙන්නා නයාදොලේ වැට බිඳිමින් හාලිඇලට පැන්නා."


මේ ගැමි කවි දෙපදයෙන් කියවෙන්නේ ඉතිහාස තොරතුරක්‌ විය යුතුය.


ගිගුරුව - ගිගුරුව නමින් පැරණි ගමක්‌ ඈත. අතීතයේ යුධ බිමක්‌ වන්නට ඇත. පැරණි රාජ සේනාවක්‌ පනාකඩුව හරහා රුවන්කන්දට පැමිණ එතැනින් සේනාව රැස්‌කරවා ගෙන බටුවන්ගල කොස්‌මුල්ල කැළෑ බිම හරහා ගොස්‌ ඇත්තේ තඹලගමටය. යුද සෙබළුන් ගම්වල නතරවීමෙන් ඔවුන්ගේ පෙළපත් නාමය අද මෙහි ගම්මුන්ට තිබේ. වික්‍රමසිංහ සිරිවර්ධන කාරිය කරවන විඡේනායක විඡේ වන්ත ජය වික්‍රම ආදී පෙළපත් නාම මෙහි තාමත් පවතියි. එමෙන්ම විවිධ ශිල්ප කලා ශාස්‌ත්‍රයන්හි නිපුන පරම්පරාවන්ද වෙති. මේ ගම්මුන්ගේ කාරුණික ගුණය ඉතා උතුම් වෙයි. ගිංගඟ ඉහත්තාවේ සිංහරාජය ආසන්නයේ "ලංකාගම" නමින් සුන්දර ගම්මානයක්‌ ඇත. අතීතයේදී පැණි හකුරු කර්මාන්තයෙන් මෙහි ගැමියන් සුළු පිරිස ජීවත් වූහ. මාර්ග පහසුවත් තේ වගාවත් නිසා අද මේ ගම්මානය සුරපුරයක්‌ වැනිය. "ලංකාගමින් ලංකාවට" නමින්  ගුවන් විදුලි වැඩසටහන් මාලාවක්‌ එකල ඉතා ජනප්‍රිය විය.

- මුල් කතෘ නොදනී.

Apr 25, 2016


කෑගල්ල දිස්ත්‍රික්කයේ බුලත්කොහුපිටිය ප්‍රදේශයේ පිහිටි අති සුන්දර ඕලු ඇල්ල සහ වවුලගල කඳු තලාව තරණය කිරීම අතිශය චමත්කාර ජනක ත්‍රාසයපිරි සුන්දර අත්දැකීමක්.

වවුලගල වෙත ප්‍රවිෂ්ට වීමට මාර්ග 2ක් භාවිත කළ හැකියි.
1.        බුලත්කොහුපිටිය - දෙදුගල පාරේ කිමි.6 ක් පමණ ගොස් දකුණට හැරී ගමන් කළයුතුයි. වාහනයකින් වවුලගල ආසන්නයටම යා හැකියි.
නැරඹිය හැකි වෙනත් ස්ථාන :
දේදුගල පාරේ දිගටම තවත් කිලෝමීටරයක් පමණ ගිය විට දකුණු පසින් උසින් මී.40 පමණ වන නළගන ඇල්ල දැකිය හැකියි. ඇල්ල අසළටම ගමන් කළ හැකියි (ගම්මුන්ගෙන් අසා යන්න මීටර් 500ක් පමණ පයින් යා යුතුයි . නලඟන ඇල්ල පාමුල දිය නෑම අවදානම්.)
දෙදුගල පාරේ දිගටම තවත් යනවිට දොලොස්බාගේ වෙත යන මාර්ගයේ අති සුන්දර ස්ථාන රැසක් දැකබලාගත හැකියි. මෙම මාර්ගයේ ඇති වෙනත් දිය ඇලි කිහිපයක් :
  • කලුපහන ඇල්ල
  • දුම්මල ඇල්ල
  • රිකිල්ල ඇල්ල
  • රුක්මල් ඇල්ල
  • නලඟන ඇල්ල
  • දේවගිරි ඇල්ල
  • කෙල්වින් ඇල්ල
  • වින්ඩ්සර් ෆොරස්ට් ඇල්ල
  • දියතිරි ඇල්ල

 (ගම්මුන්ගෙන් අසා ප්‍රවිශ්ට මාර්ග අනුගමනය කළ හැකියි.)

2.       යටියන්තොට - පරුස්සැල්ල පාරේ ගොස් සීපෝත් පාරේ දිගටම කිලෝ මීටර 17ක් ගිය විට අති රමණීය ඕලු ඇල්ල දැක ගත හැකියි.

ඕලු ඇල්ලට ප්‍රථම තවත් දිය ඇලි කිහිපයක් දැකගත හැකියි.
  • වීඔය ඇල්ල
  • ගොරොක් ඇල්ල
  • කිතුල් ඇල්ල
  • නමක් නැති ඇල්ලක් ද වෙයි.




ඕලු ඇල්ල පිහිටා තියෙන්නෙ දොඹේගල කියන ගමේ. ගමේ කෙනෙක්ගෙ සහය ඇතිව ඕලු ඇල්ල ට මදක් ඔබ්බෙන් ඇති මාර්ගයේ ඕලු ඇල්ල තරණය කර ඕලු ඇල්ලේ ඉහල කොටසට ලඟාවෙන්නත් පුලුවන්.



ඕලු ඇල්ල අසල පිහිටි පාලමෙන් පහල කොටසට ඇතුලුවීමෙන් වලකින්න. බිලිගන්නා ස්ථානයක් ලෙස පහල අර්ධය සලකනු ලබනවා. ඕලු ඇල්ල ලංකාවෙ දිය ඇලි අතර 5වන උස හිමි දිය ඇල්ල වන අතර එහි අලංකාරත්වය නිසාම " ශ්‍රීලංකන් නයගරා ඇල්ල " ලෙසිනුත් එය හඳුන්වනු ලබනවා.
ඕලු ඇල්ලට පහතින් තිබෙන මිනි හයිඩ්‍රො විදුලි බලාගාරෙට යන්න පුලුවන්නම් සම්පූර්ණ දිය ඇල්ලේ දර්ශනයක් ලබාගත හැකි වනවා.
ඕලු ඇල්ලට මීටර 750ක් පමණ පෙර ඇති ඕලු ඇල්ල රෙස්ට් ඉන් හෝටලයෙන් ආහාර ලබාගත හැකි අතර එහි පහල අති වී ඔයේ ආරක්ෂිතව ස්නානය කිරීමටද හැකියාව පවතිනවා.


දැන් අපි වවුලගල දෙසට හැරෙමු....


ඕලු ඇල්ල පසුකර කිලෝමිටරයක් පමන යනවිට දේවාලයක් හම්බවෙනව එතනින් එහාට යද්දි අමනාවල ඉස්කෝලෙ හම්බවෙනවා. එතනින් පහළට ඇති පාරේ යනවිට වීඔය හරහා ඇති පාලම හම්බවෙයි. එතනට වෙනකම් වාහනයක ගමන් කිරීමට පුලුවන්.  පාලම අසල ඇති යෝධ වතුර බටය දිගේ දකුණු දෙසට ඇති පාර තෝරාගන්න. එතැන් පටන් පාගමනින් වවුලගල තරණය ආරම්භ වෙනවා. මදක් දුර යනවිට බණ්ඩයියගේ කඩේ ගාවින් උඩට ඇති පඩි සහිත මාර්ගයේ යායුතු අතර. ඔබේ සහයට ගැමියෙකු ලබාගන්නේනම් වඩා උචිතයි. ( පියසේන අයියා කොහේදැයි කාගෙන් හරි විමසූවිට ඔහුගේ සහය ලබාගන්නත් පුලුවන්. )


තේ වතු මැදින් වැටෙන තරමක් දුෂ්කර මාර්ගයක වවුලගල මුදුන වෙත පැය 2කකින් පමණ ලගාවෙන්න පුලුවන්. වතුර රැගෙන යාම අවශ්ය නැත. ඕනෑතරම් දිය උල්පත් මග දිගට හමුවෙනවා. වතුර බෝතලයක් පමණක් රැගෙන යන්න.
මේ මාර්ගයේ කිලෝමීටර 3ක් පමණ ගියවිට බුලත්කොහුපිටිය දෙසින් පැමිණෙන මාර්ගය හම්බවෙනව. එතනදි කඩයක් දැකගත හැකියි. විස්කිරිඳා එහිදී ලබාගන්නත් පුලුවන් ඉතා රසවත් ආහාරයක්. මේ ගමනේදී ඔබට මදි නොකියන්න කූඩැල්ලන් නම් දැකගත හැකිවනවා එයින් ආරක්ෂාවීමට සන්ලයිට් හෝ සිද්ධාලේප රැගෙන යන්න අමතක කරන්නත් එපා.


වවුලගල ඉහළ කොටසට ගිය විට සුන්දර බුලත්කොහුපිටිය සිට නන් දෙස දර්ශන ඔබට දැකගන්න පුලුවන්. මින් කිහිපයක් නම් :

වී ඔය



අමනාවල ගම්මානය ( චයිත්‍ය්ය )


 ඕලු ඇල්ල සහ තවත් දිය ඇලි කිහිපයක්


කදු පන්ති අතරින් කැළණි ගඟ


වේවැල්තලාව ITN සම්ප්‍රේෂණාගාරය

සහ තවත් ස්ථාන රාශියක් දැකගත හැකියි. බයිනෙත්තුවක් රැගෙන යාම දර්ශනයන් පහසු කරයි. මෙම කඳු මුදුනට පැමිණීම උදේ කාලයේ සිදුකිරීම නුවණට හුරුයි. හවස් කාලයේ ඇතැම්විට වර්ෂාව ඇතිවිය හැකි නිසා අකුණු වලින් අනතුරු සිදුවිය හැක.

තවද මෙහි කෑම්පින් සිදුකිරීමට ද ඉතා උචිත ස්ථානයක්. ගල්තලාව එයට කියාපු තැනක් උනත් වැසි සහිත දිනවල එහි රැඳීසිටීම සිදු නොකලයුතු දෙයක්. අකුණු වැදී ගල් පතුරු තැන තැන ඇති අයුරු උඩදී දැකගත හැකියි. කෙසේ නමුත් පානීය ජල උල්පත් ඉහළ කොටසේ උවද සොයාගැනීම අපහසු කටයුත්තක් නොවන හෙයින් කෑම්පින් සඳහා ඉතා සුදුසු තැනක් තමයි වවුලගල.





Feb 6, 2013


becoming-teacherජීවිතේ කියන්නෙ මහම මහ පුදුමාකාර දෙයක්. පුංචිම කාලෙ තිබුන ලොකු ලොකු බලාපොරොත්තු කෙමෙන් කාලය ගතවෙද්දි ඉ‍ටු කරගන්න  බැරිවෙනවා. ඒ වුනත් අධිෂ්ඨානය තියෙනවනම් ඕනම බලාපොරොත්තුවක් ඉටුකරගන්නත් පුලුවන් කියල අහල තියනව, දැකල තියනව, හැඟිල තියනව විතරක් නෙමෙයි අත් විඳලත් තියනව.

අපි හැමෝටම වගේ එයාටත් පුන්චි කාලෙ ඉඳල ලොකු බලාපොරුත්තුවක් තිවුන. ඒ ලොකු වුනාම අපි වෙන්න කවුද කියන එක... අනේ ඒ දොස්තර කෙනෙක් වත් ඉංජිනේරුවෙක් වත් අජටාකාශගාමියෙක් වත් නෙමෙයි.. ගුරුවරියක් වෙන්නයි.  

පුන්චි දරුවෙක් එයාගෙන් පුන්චි කාලෙ වෙන්න කැමති කවුද කියල ඇහුවම ඩොක්ට කෙනෙක්, ඉංජිනියර් කෙනෙක් වගේ දේවල් කිව්වත් උසස් පෙළ කරන්න පෙළඹෙද්දි සමහර අයගේ සිහින මාවත් වෙනස් වෙනව... ඒත් සමහර අය තමන්ගේ සිනින මාවත් වලම යනව. ඒ අයගෙන් කොටසක් ඒ සිහින සැබෑකරගන්න අතරෙ තවත් බොහෝ දෙනෙක් ඒ සිහින වලට ගොඩාක් දුර ගිහින් සමු දෙනව.

මගේ කතා නායිකාව නම් ඒ වගේ බොරු බලාපොරොත්තු තියාගත්ත කෙනෙක් නෙමෙයි. පුංචි කාලෙ ඉඳලම ගුරුවරියක් වෙනව කියල හිතාගෙන තමන්ගේ සිහිනයේ කිමිදෙන පුංචී හා පැටියෙක්.

කිහිප දවසක් මාත් එක්ක කියල තියනව ටීචර් කෙනෙක් වෙන්නයි කැමති කියල. ඒත් ඒක සාමාන්‍ය චින්තනයක් කියල හිතාගෙන හිටියට මට හරියට ඒ බව පැහැදිලි වුනේ පුහුගිය දිනෙක ඇගේ Autograph එක බලන්න හම්බුන හින්දයි. ඒකෙ එයා ලියල තිවුන දේ දැක්කම මගේ ඇස් දෙක stuck වුනා වගේ වුනා.

තමන් ගුරුවරියක් වෙන්න ආසයි.... ඒත් ඇයි..? ඒක හරිම උදාර පවිත්‍ර සිතුවිල්ලක්. හරිම හැඟීම්බරයි. මන් ඒ පිටු 2 ඔයාලටත් බලන්න එයාගෙ අවසර ඇතිව මෙතන දාන්න හිතුව නිසයි මේ ලිපිය ලියන්න පටන් ගත්තෙ.
ඔයාලත් කියවල බලන්නකෝ..

මතක ඇතුව අදහසක් පල කරල යන්න .. ඒක ගොඩාක් වටිනව. මොකද මෙතන පලවෙන අදහස් දැක්කම ඒ කෙනා ගොඩාක් සතුටු වෙයි කියල මට ඉර හඳ වගේ විශ්වාස නිසා....

(පහල තියන image  එක උඩ click කරල ලොකු කරලම බලන්න )
ridzy

Music

manokaya.tk

www.blog.dulithkasun.com