Showing posts with label SA. Show all posts
Showing posts with label SA. Show all posts

Jul 11, 2012


Image
ගාලු පුරේ අවසාන “ස” ප්‍රසංගය ඊයේ සන්ධ්‍යාවෙ (ජූලි 7) කරාපිටියෙ වෛද්‍යපීඨ ශ්‍රවණාගාරයේ දි අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වුණා…..
(දාන්න 5ක්…!! හිප් හිප් හුරේ….. )
මේක සංවිධානය කරන්න “රළ 2008″ කස්ටිය මාර ගේමක් දුන්න. ඒක වචනෙන් කියන්න අමාරු වුනත් ඒකෙ රිසල්ට් එක ඉස්තරම්ම එකෙන් ඊයෙ දැකගන්න පුලුවන් වුනා කාට කාටත්…..
මේක මුලින් සංවිධානය කරන්න හිටියෙ වෙන විදියකට වුනත්… ඒක අමුතුම පෙරලීමක් වුනා. අන්තිමේදි අර “පෙරළෙන ගලේ පාසි නොබැඳේ” කිව්ව වගේ සියලු බාධක මැඩලගෙන අති සාර්ථක ලෙස “ස” නෞකාව දියත් කරා..
මීට සති 3කට විතර කලින් ප්‍රවේශ පත්‍ර අවසාන වේගෙන ඒමත් සමඟ “ස” නෞකාවේ හැරවුම් ලක්ෂය අපට ක්‍රම ක්‍රමයෙන් පෙනෙන්නට වුනා….. ඒ දහස් සංඛ්‍යාත රසික රසිකාවියන්ගේ රළ ගැල්ම පටන් ගත් මොහොතේ සිට ප්‍රසංගය ආරම්භ වී සෑහෙන්න වෙලාවක් යනතුරුත් ඒ ජන ගඟ ගලන්නට විණි. වික්ටර් රත්නායකයන්ට ගාල්ලෙන් දුන් තිළිණය අනෙගි  භවනීයයි.. එයට හේතු කිහිපයකි. එකක් නම් ඒ මහා යුග පුරුෂයාගේ ප්‍රතිභාපූර්ණ නිපුණත්වය රසික හදවත් තුළ ලැගුම් ගෙන ඇති නියාවෙනි. අනෙක් කරුණ නම් “රළ2008″ අපේ සොයුරන්ගේ සාමූහික ප්‍රයත්නයයි.  කරුණු මෙසේ දිග හැරෙද්දී “ස” නෞකාව ගාල්ලේ පෙර නොවූ විරූ ලෙස දැවැන්ත සළකුණක් තබමින් දිග හැරුණි.
ඊයේ අපේ “ජුන්ඩා” වික්ටර් රත්නායකයන්ට සමරු තිලිණය දෙන වෙලාවෙදි වගේම, අවසාන ගීතයේ සියලු දෙනා නැගී සිට අපි ඔක්කොම රජවරු ඔක්කොම වැසියෝ… කියල කියද්දි හිතට ආපු ෆිට් එක කියල වැඩක් නෑ ඕයි…. හදවතට කතා කරන්න පුලුවන්නම් එයා කියයි මොනවගේ හැඟීමක් ද කියල ඒක.
මෙතනදි සියල්ලටම වඩා සතුටු වෙන කාරණය තමා “ටීම් රළ 2008″ .. එකෙක් වගේ වැඩ කරපු එක . ඒකම තමයි අපි හැමෝටම එකම විදියෙ යමක් හිතෙන්න ගත්තෙ ප්‍රසංගෙ අවසානෙදි…
ඒක අති සාර්ථකයි.. වගේම ප්‍රබලයි… තවත් වැඩක් සමඟ ටීම් රළ ඉදිරියේදි ඔබව හමු වේවි… අපි හිතුවොත් අපිට කරන්න බැරි දෙයක් නෑ…. මෙන්න මෙයයි අපේ වෙනස.
WITNESS OUR DIFFERENCE……..

Music

manokaya.tk

www.blog.dulithkasun.com