Showing posts with label story. Show all posts
Showing posts with label story. Show all posts

May 26, 2012


බුදු අම්මෝ... අද තමයි කල්පෙකින් බ්ලොග් එක පත්තෙ අඩිය තිව්වෙ....
"නිකරුනේ කාලය ගත කරන කල්හි බ්ලොග් ලිවීම මැනැවි" යි කියල කිව්වට මොකෝ ජොබ් කට්ටක් හම්බුනාම බ්ලොග් එක දිහා බලන්නවත් වෙලාවක් නැහැ නොවැ!

ඉතිං හදිස්සියේම බ්ලොග් එක පැත්තට ආවෙ අද බස් එකේදි වෙච්ච පට්ටම පට්ට සීන් එකක් ඔයාල එක්ක බෙදා ගන්න.
මේක වුණේ අද හවස මම දිව්ලපිටියෙ ඉඳල එද්දි මීගමුවට ඇවිත් බෝඩිම පැත්තට එන්න ගොඩවුණා 240/3 මීගමුව - ගුවන්තොටුපල බස් එකකට. මීගමුවෙ ඉඳන් කොප්පරා හංදියට එනකොටම බස් කොටය(තනි දොර ) ජෑම් වලින් උතුරන්න ගත්ත (JඇM පැක් ) ඉතින් පොඩ්ඩ දුර හින්ද මාත් ඔහේ ඉස්සරහ සීට් එකේ ඉඳන් ආව. ඔන්න බස් එක ගල්කන්ද හංදිය හරියට ආව. බස් එකට පොඩි දරුවෙක් වඩා ගත්ත අම්ම කෙනෙකුත් නැග්ග. (ඒ ගෑනිටත් පිස්සු පොඩි එකෙක් වඩාගෙන ලෝඩ් ගහපු බස් වලට නගින්න ).

බස් එකේ සීට් ගත්තම මම හිටියේ ඉස්සරහම පස්සෙ සීට් වල කොල්ලො දෙන්නෙක් ඇරුනම අනෙක් සේරම ඉඳන් හිටියෙ ගෑනු උදවිය.ඉතිං කොන්දොස්තර මහත්තය කිව්ව කවෘ හරි සීට්1ක් දෙන්න කියල. එකෙක් වත් නැගිට්ටෙ නැහැ නොවැ. මම නැගිට්ටෙ නැත්තෙ ඉස්සර සීට් එකට එයාට එන්න අමාරු නිසා. කොහොම හරි අර පිටිපස්සෙ හරියෙම ඉඳන් හිටිය කොල්ලො දෙන්නගෙන් 1ක් නැගිටල සීට් එක දුන්න (කොන්දොස්තර මහත්තය තුන් පාරක් විතර කිව්වට පස්සෙ ) ඉතිං අර ගෑනු මනුස්සය පොඩි එකාවත් වඩාගෙන සෙනග පීරගෙන පිටිපස්සටම ගියානෙ වාඩි වෙන්න. අර සීට් වල වාඩි වෙලා හිටිය අම්මණ්ඩිල එකෙක් වත් කනකට වත් ගත්තෙ නැහැනෙ. අනේ ද කියන්නෙ! "ගෑනියෙකුට උදව්වට ඉන්නෙ තවත් ගෑනියෙක්" පිස්සු නැත්නම් සෝක්!


ඔන්න අපේ කොන්දොස්තර උන්නැහැ තමයි දවසේ කතාව කිව්වෙ.
"අද කාලෙ ලමයි හම්බවෙන්නෙ පිරිමින්ටනේ...." කියල කිව්ව! අම්මපා මගේ ගාව මසුරන් තිබ්බනම් මන් ඒ මනුස්සයගෙ කටේ ඔබනව ඒ කිව්ව කතාවට!


Mar 4, 2010

ඔන්න ඉතිං මං ඊයෙ රාත්‍රියේ 9.30 ට විතර එෆ්.බී. එකට ලොග් උනා... කාලෙකට පස්සෙ නිදහස් දවසක් ආවෙ.. පහුගිය දවස් වල එක දිගට වැඩනේ.... චැට් එකත් දිගටම ඕෆ්ලයින්....

ඔන්න ඔන්ලයින් ගියා... විනාඩි 5යි ගියේ.. දන්න කියන නංගිකෙනෙක් ආව චැට් කරන්න.. ඔහොම යනකොට... වෙලාව දන්නෙත් නෑ..  එකපාරටම නංගි කිව්වා වෙලාව දැන් එකත් පහුයි කියල... සෝ.. එයාට බායි.. සීයූ.. ටකේකරේ.. කියල වතුරටිකක් එහෙම බීල.. එෆ්.බී. එකේ ෆෑන් පෑජ් දෙක තුනකුත් අප්ඩේට් කරල බලද්දි වෙලාව 3.25යි.. එහෙම්මම සිස්ටම් එක හර්බිනේට් කරල බුදියන්න ගියා.......
නින්ද ගියාද නැද්ද කියලත් මතක නෑ... 

උදේ පාන්දර ටෙලිෆෝන් එක රින්ග් වෙනව උස්සන්නෙත් නෑ කවුරුවත්.. ටෙලිෆෝන් එකටයි ගෙදර අයටයි බැන බැනම ගියා ආන්සර් කරන්න.. මටම තමයි.. හිරාන් කියල  යාලුවෙක් . මිනිහා කතා කරනවා ඉස්කෝලෙට යන්න චරිත සහතිකේ ගන්න, හුටා@@ වෙලාව 11.25යි. උදේ පාන්දර කිව්වට මහ දවල්නේ.. මෑන්ස්ට බෝලයක් බස්සල කට් එක දැම්ම. ගෙදර කට්ටියත් දොරවල් වහල එහෙම ඉස්කෝලවලටයි ඔෆිස්වලටයි ගිහිල්ල...

මේසෙ උඩ තේකකුත්  තියනව.. හැබැයි බොන්න බෑ.. සීතලයි කියන්නෙ.. කූල් වෙලා.. එක අතැරලා.. කට හෝදල ටවල් එකත් අරන් ගියා මූන හෝදන්න.. හෝදන් ඇවිත්.. ටීවී එක දැම්ම.. ඒකෙත් බහුබූත. එකටත් දෙක තුනක්  කියල අයිමත් ගියා ෆේස් බුක් පැත්තට..! හ්ම්ම්.... ටිකකට පස්සෙ. උදේට(දවල්ට ) කාල එහෙම ආයි ඉන්නකොට. අර නංගි ආව ඔන්ලයින්.. චුට්ටක් චැට් කරල .. මං කිව්ව නාගෙන එන්නම් කියල .. එයාට අනංමනං ජෝක් ටිකක් කියල .. ගියා නාන්න.. [ අමතක උනානෙ. : උදේ මූන පිහදාල ටවල් එක බාත්‍රූම් එකේමයි තිව්නේ ]  ටවල් එක හොයල පස්සෙ මතක් උනා තියන තැන.. ඒපාර ගියා නාන්න....

නාගෙන මොකද්ද කරන්න ඕන.... ඔලුව පිහදාන්න එපැයි නේද..? ගත්ත ටවල් එක .. බුදුඅම්මෝ... ටවල් එකෙ ඉඳල මොකෙද්ද අඟට පාත් උනා..
බැලුවහම හූනෙක්... වම් උරේට පැන්නේ ඌ.. ඒකව පන්නල..  පිහදාගෙන  .. දන්නවද මං මුලින්ම ගියේ කොහේටද කියල..?  ඕගොල්ලො දන්නෙ කොහොමද.... මං ගියේ කුස්සියට..... ඇයි දන්නවද..? කන්න බොන්න එහෙම නෙමෙයි.. බඩගිනි නෑ.....  අපේ කුස්සියේ දොරේ එල්ලල තියනව ඈපා ලිතක්..  හරවල බැලුව හූනන් ඇඟ වැටීමේ ඵලාඵල..  හුටා@@@.... වම් උරේට වැටුනම මොකෑ වෙන්නෙ..?  ඕගොල්ලොත් ලිතක් තියන්වනම් බලන්න.. නැත්නම් මං පස්සෙ කියන්නම් සිහිය ආවම.. තාම මට සිහිය නෑ......

මදැයි වෙච්ච දෙයක්..!

Music

manokaya.tk

www.blog.dulithkasun.com