ඔන්න ඔන්ලයින් ගියා... විනාඩි 5යි ගියේ.. දන්න කියන නංගිකෙනෙක් ආව චැට් කරන්න.. ඔහොම යනකොට... වෙලාව දන්නෙත් නෑ.. එකපාරටම නංගි කිව්වා වෙලාව දැන් එකත් පහුයි කියල... සෝ.. එයාට බායි.. සීයූ.. ටකේකරේ.. කියල වතුරටිකක් එහෙම බීල.. එෆ්.බී. එකේ ෆෑන් පෑජ් දෙක තුනකුත් අප්ඩේට් කරල බලද්දි වෙලාව 3.25යි.. එහෙම්මම සිස්ටම් එක හර්බිනේට් කරල බුදියන්න ගියා.......
නින්ද ගියාද නැද්ද කියලත් මතක නෑ...
උදේ පාන්දර ටෙලිෆෝන් එක රින්ග් වෙනව උස්සන්නෙත් නෑ කවුරුවත්.. ටෙලිෆෝන් එකටයි ගෙදර අයටයි බැන බැනම ගියා ආන්සර් කරන්න.. මටම තමයි.. හිරාන් කියල යාලුවෙක් . මිනිහා කතා කරනවා ඉස්කෝලෙට යන්න චරිත සහතිකේ ගන්න, හුටා@@ වෙලාව 11.25යි. උදේ පාන්දර කිව්වට මහ දවල්නේ.. මෑන්ස්ට බෝලයක් බස්සල කට් එක දැම්ම. ගෙදර කට්ටියත් දොරවල් වහල එහෙම ඉස්කෝලවලටයි ඔෆිස්වලටයි ගිහිල්ල...
මේසෙ උඩ තේකකුත් තියනව.. හැබැයි බොන්න බෑ.. සීතලයි කියන්නෙ.. කූල් වෙලා.. එක අතැරලා.. කට හෝදල ටවල් එකත් අරන් ගියා මූන හෝදන්න.. හෝදන් ඇවිත්.. ටීවී එක දැම්ම.. ඒකෙත් බහුබූත. එකටත් දෙක තුනක් කියල අයිමත් ගියා ෆේස් බුක් පැත්තට..! හ්ම්ම්.... ටිකකට පස්සෙ. උදේට(දවල්ට ) කාල එහෙම ආයි ඉන්නකොට. අර නංගි ආව ඔන්ලයින්.. චුට්ටක් චැට් කරල .. මං කිව්ව නාගෙන එන්නම් කියල .. එයාට අනංමනං ජෝක් ටිකක් කියල .. ගියා නාන්න.. [ අමතක උනානෙ. : උදේ මූන පිහදාල ටවල් එක බාත්රූම් එකේමයි තිව්නේ ] ටවල් එක හොයල පස්සෙ මතක් උනා තියන තැන.. ඒපාර ගියා නාන්න....
නාගෙන මොකද්ද කරන්න ඕන.... ඔලුව පිහදාන්න එපැයි නේද..? ගත්ත ටවල් එක .. බුදුඅම්මෝ... ටවල් එකෙ ඉඳල මොකෙද්ද අඟට පාත් උනා..
බැලුවහම හූනෙක්... වම් උරේට පැන්නේ ඌ.. ඒකව පන්නල.. පිහදාගෙන .. දන්නවද මං මුලින්ම ගියේ කොහේටද කියල..? ඕගොල්ලො දන්නෙ කොහොමද.... මං ගියේ කුස්සියට..... ඇයි දන්නවද..? කන්න බොන්න එහෙම නෙමෙයි.. බඩගිනි නෑ..... අපේ කුස්සියේ දොරේ එල්ලල තියනව ඈපා ලිතක්.. හරවල බැලුව හූනන් ඇඟ වැටීමේ ඵලාඵල.. හුටා@@@.... වම් උරේට වැටුනම මොකෑ වෙන්නෙ..? ඕගොල්ලොත් ලිතක් තියන්වනම් බලන්න.. නැත්නම් මං පස්සෙ කියන්නම් සිහිය ආවම.. තාම මට සිහිය නෑ......
මදැයි වෙච්ච දෙයක්..!
2 අදහස්:
මොකක්ද තිබ්බේ බං කියපංකෝ......
සිහිය ආවම කියන්නම්.
Post a Comment