Feb 7, 2024


 ජනප්‍රවාද හිනිදුම්පත්තුවේ ගම් නම් හැදුන හැටි

හිනිඳුම්පත්තුව ගාල්ල දිසාවට අයත් සිංහරාජ වන අඩවිය සීමා කරගත් ඉපැරණි ගම්මාන සහිත කඳු පියසකි. මෙහි ගමනාගමනය එකල අතිශය දුෂ්කර වූයේ ගිංගඟත් එයට එක්‌වන ඇළ දොළ ජල දහරාත් ඇති බැවිනි. ඇළ දොළට යෙදූ ඒ දණ්‌ඩකින් යැමට සෑම නිවසකටම අවශ්‍ය විය. ගිංගඟ හරහා එල්ලන ලද වැල් පාලම් එකල විය. ඒවාට "කොළව" යනුවෙන් නම් තැබිණි. මේවා පසු කාලයකදී කම්බි පාලම් බවට පත්වී අද කොන්ක්‍රීට්‌ පාලම් වී ඇත.


ගංගාවේ තොටුපළවල් සඳහා එකල වූයේ "අඟුල" නම් වූ අවදානම් ලී දණ්‌ඩකි. හබල් ගසා එය පැද්ද යුතුය. පෙරළුනොත් අවදානම්ය. මෙවැන්නක්‌ මෑතක්‌ වනතුරු පණංගල රද්දල්ගොඩ තොටුපළේ විය. සිංහල රජ කාලේ උඩරට රාජධානියට සම්බන්ධව හිනිදුම්පත්තුව පැවතුනි. උඩරට සිරිත් විරිත් අදත් මෙහි වැසියන්ගේ චාරිත්‍ර වාරිත්‍ර අතර වෙයි. වරක්‌ රාජසිංහ රජතුමා සිංහ රාජය හරහා ඇතෙකු පිට නැගී නෙළුව ඇඹලගෙදරට පැමිණ තිබේ. එම ඇතා දම්වැල් දමා බැඳ සිටිය දැවැන්ත කොස්‌ ගසේ මුල මෑතක්‌ වනතුරුම ඇඹලගෙදර විය. නෙළුව පාලමට නුදුරුව මේ ගම ඇත.


විජය බාහු රාජකුමාරයා සේනාවක්‌ සමඟ පලාගොස්‌ සැඟවී සිටියේ "තඹලගම" ය. මේ නම ඉතිහාස පොතෙහිද ඇත. රාජමහා විහාරයක්‌ බටුවන්ගල පිහිටියේය. සබරගමුව දිසා මායිම පිහිටි ගමට අද හබරකඩ යයි කියති. කඩයිම් ගල පිහිටි ගමට කඩිහිංගල යයි කියනු ලැබේ. මෙය කළුබෝවිටියන්කන්ද සීමා කරගෙන ඇත. එහි පාලකන්ද නමින් පැරණි ගම්මානයක්‌ වෙයි. ඊට නුදුරින් "දේවාලේගම" පිහිටියේය. මෙහි ගම් නම් හැදුන හැටි ගැන දැන් විමසා බලමු. බොහොමයක්‌ ගම් ගස්‌ වර්ගවල නාමයෙන් හැඳින්වෙයි.


මිල්ලව - මිල්ල ගස්‌ නිසාය.


දෙල්ලව - බැදිදෙල් ගස්‌ වැඩි වූ නිසාය.


කඩිහිංගල - කඩයිම්ගල කඩිහිංගල වී ඇත. කඩයිම නිසාය.


ලේල්වල - ලේල්ලුන් පිරි වළක්‌ වූ බැවිනි. ලේල්ලුන් අදත් සිටී.


බරණිවල - රජ අබරණ බරණයක ලා දියවළක දමා ඇති නිසා යයි කට කතාවට කියයි. බරණියක්‌ වැනි රවුම් ආවාටයක්‌ ඇති නිසා මේ නාමය ගමට වූ බව ද පෙනේ.


නෙළුව - නෙළු නමැති කුඩා ගස්‌ වර්ගය නිසාය.


හප්පිටිය - හිප්පිටිය හප්පිටිය වූ බව කියයි. තේරුම අප්‍රකටය. පැරණි කල අංවිටි, පොල්විටි තිබෙන්නට ඇත.


කොස්‌මුල්ල - කොස්‌ ගස්‌ ගැවසීගත් නිසා.


කීණියාවල - කීන ගස්‌ වූ නිසාය.


මාවිට - මහඕවිට මහෝවිට මහවිට වී ඇත. ගඟ අසබඩය.


ගිගුම් මඩුව - අතීතයේදී නැටුම් ගැයුම් ගී සාලා තිබුණ ගමයි.


"නැටුම් ගැයුම් ගී සාලා ඉමක්‌ නැතී ගිගුම් මඩුගමේ අවුරුදු යන්ට යතී."


හබරකඩ - හබරගමුවට මායිම නිසා.


මාවනාන - තේරුම ඇපහැදිලිය.


පොල් බිඳෙන කොත - පා ගමනින් කඳු මුදුනට යනවිට ගෙන යන පොල් ගෙඩිය බිඳී පිටදිගේ ජලය බේරී යන වග කියති.


දෙහිගැටදොළ - පැරණි යාග හෝම පැවැත්වූ ස්‌ථානයකි.


තවලම - කරත්තවල බඩු පුරවා හෝ ගවයින්ගේ පිටේ බඩු පටවාගෙන යන ගමන රාත්‍රි කාලයේ නතර කළ ස්‌ථානය. මීට නුදුරින් පැරණි අම්බලමක්‌ද තිබිණි.


හිනිදුම - උස්‌ කඳු පිහිටි බිම, හිනිදුම කන්දක දැනට කල්වාරි පුදබිම පිහිටා තිබේ.


පනංගල - පණයංගල පනංගලය. අතීතයේදී ගිංගඟ දිගේ පහුරෙන් ගොස්‌ එක්‌තරා ස්‌ථානයක පිහිටි ගලක්‌ මත මුදල් කාසි පූජා කළ ගලක්‌ නිසා පණයංගල පණංගල වී තිබේ.


කෝරළේගම - කෝරාළ හිටි ගම


රද්දැල්ගොඩ - ගිංගඟ අද්දරය නාමයේ අරුත අප්‍රකටය.


තලන්ගල්ල - තලන්ගොල්ල තලන්ගල්ල වී ඇත. තලන් නමින් තුරු විශේෂයක්‌ ඇත.


මල්ගල්ල - මල්ගොල්ල මල්ගල්ලය. තැනිතලා බිම් කඩකි.


හල්විටිගල - හැල්වැටිගල හල්විටිගල විශාල ගිරි කුළක්‌ ඇත. එය වටා හැල් කුඹුරු තිබේ. මේ හැල් අතීතයේදී කුඩා ජලාශයන් වන්නට ඇත. යුද සමයේදී ගල මත සුදු කොඩියක්‌ සවිකර තිබුණ වග ගම්මු කියති. ඒ යකඩය අදත් ඇත. ගිරිලෙන් විහාරයක්‌ද මේ ගමේ ඇත.


ඕපාත - ඔය පහල යන අර්ථයෙනි. බාණගලින් ගලා යන ඔයක්‌ තිබේ. මෙය හුලන්දාවෙන් නිල්වලා ගඟට වැටෙයි.


වීරපාන - වීර පහන වීරපාන වී ඇත. ප්‍රාදේශීය නායකයෙක්‌ කලක්‌ මෙහි ජීවත් වී තිබේ. එම වීරයා සිටි ගල වීරපහන යයි නම්වීමෙන් ගමට නාමය සැදී තිබේ. මෙතෙම නාග ගෝත්‍රිකයකු විය හැකිය.


"වීරපාන ගල්දෙබලෙන් ආ නයි දෙන්නා නයාදොලේ වැට බිඳිමින් හාලිඇලට පැන්නා."


මේ ගැමි කවි දෙපදයෙන් කියවෙන්නේ ඉතිහාස තොරතුරක්‌ විය යුතුය.


ගිගුරුව - ගිගුරුව නමින් පැරණි ගමක්‌ ඈත. අතීතයේ යුධ බිමක්‌ වන්නට ඇත. පැරණි රාජ සේනාවක්‌ පනාකඩුව හරහා රුවන්කන්දට පැමිණ එතැනින් සේනාව රැස්‌කරවා ගෙන බටුවන්ගල කොස්‌මුල්ල කැළෑ බිම හරහා ගොස්‌ ඇත්තේ තඹලගමටය. යුද සෙබළුන් ගම්වල නතරවීමෙන් ඔවුන්ගේ පෙළපත් නාමය අද මෙහි ගම්මුන්ට තිබේ. වික්‍රමසිංහ සිරිවර්ධන කාරිය කරවන විඡේනායක විඡේ වන්ත ජය වික්‍රම ආදී පෙළපත් නාම මෙහි තාමත් පවතියි. එමෙන්ම විවිධ ශිල්ප කලා ශාස්‌ත්‍රයන්හි නිපුන පරම්පරාවන්ද වෙති. මේ ගම්මුන්ගේ කාරුණික ගුණය ඉතා උතුම් වෙයි. ගිංගඟ ඉහත්තාවේ සිංහරාජය ආසන්නයේ "ලංකාගම" නමින් සුන්දර ගම්මානයක්‌ ඇත. අතීතයේදී පැණි හකුරු කර්මාන්තයෙන් මෙහි ගැමියන් සුළු පිරිස ජීවත් වූහ. මාර්ග පහසුවත් තේ වගාවත් නිසා අද මේ ගම්මානය සුරපුරයක්‌ වැනිය. "ලංකාගමින් ලංකාවට" නමින්  ගුවන් විදුලි වැඩසටහන් මාලාවක්‌ එකල ඉතා ජනප්‍රිය විය.

- මුල් කතෘ නොදනී.

Apr 25, 2016


කෑගල්ල දිස්ත්‍රික්කයේ බුලත්කොහුපිටිය ප්‍රදේශයේ පිහිටි අති සුන්දර ඕලු ඇල්ල සහ වවුලගල කඳු තලාව තරණය කිරීම අතිශය චමත්කාර ජනක ත්‍රාසයපිරි සුන්දර අත්දැකීමක්.

වවුලගල වෙත ප්‍රවිෂ්ට වීමට මාර්ග 2ක් භාවිත කළ හැකියි.
1.        බුලත්කොහුපිටිය - දෙදුගල පාරේ කිමි.6 ක් පමණ ගොස් දකුණට හැරී ගමන් කළයුතුයි. වාහනයකින් වවුලගල ආසන්නයටම යා හැකියි.
නැරඹිය හැකි වෙනත් ස්ථාන :
දේදුගල පාරේ දිගටම තවත් කිලෝමීටරයක් පමණ ගිය විට දකුණු පසින් උසින් මී.40 පමණ වන නළගන ඇල්ල දැකිය හැකියි. ඇල්ල අසළටම ගමන් කළ හැකියි (ගම්මුන්ගෙන් අසා යන්න මීටර් 500ක් පමණ පයින් යා යුතුයි . නලඟන ඇල්ල පාමුල දිය නෑම අවදානම්.)
දෙදුගල පාරේ දිගටම තවත් යනවිට දොලොස්බාගේ වෙත යන මාර්ගයේ අති සුන්දර ස්ථාන රැසක් දැකබලාගත හැකියි. මෙම මාර්ගයේ ඇති වෙනත් දිය ඇලි කිහිපයක් :
  • කලුපහන ඇල්ල
  • දුම්මල ඇල්ල
  • රිකිල්ල ඇල්ල
  • රුක්මල් ඇල්ල
  • නලඟන ඇල්ල
  • දේවගිරි ඇල්ල
  • කෙල්වින් ඇල්ල
  • වින්ඩ්සර් ෆොරස්ට් ඇල්ල
  • දියතිරි ඇල්ල

 (ගම්මුන්ගෙන් අසා ප්‍රවිශ්ට මාර්ග අනුගමනය කළ හැකියි.)

2.       යටියන්තොට - පරුස්සැල්ල පාරේ ගොස් සීපෝත් පාරේ දිගටම කිලෝ මීටර 17ක් ගිය විට අති රමණීය ඕලු ඇල්ල දැක ගත හැකියි.

ඕලු ඇල්ලට ප්‍රථම තවත් දිය ඇලි කිහිපයක් දැකගත හැකියි.
  • වීඔය ඇල්ල
  • ගොරොක් ඇල්ල
  • කිතුල් ඇල්ල
  • නමක් නැති ඇල්ලක් ද වෙයි.




ඕලු ඇල්ල පිහිටා තියෙන්නෙ දොඹේගල කියන ගමේ. ගමේ කෙනෙක්ගෙ සහය ඇතිව ඕලු ඇල්ල ට මදක් ඔබ්බෙන් ඇති මාර්ගයේ ඕලු ඇල්ල තරණය කර ඕලු ඇල්ලේ ඉහල කොටසට ලඟාවෙන්නත් පුලුවන්.



ඕලු ඇල්ල අසල පිහිටි පාලමෙන් පහල කොටසට ඇතුලුවීමෙන් වලකින්න. බිලිගන්නා ස්ථානයක් ලෙස පහල අර්ධය සලකනු ලබනවා. ඕලු ඇල්ල ලංකාවෙ දිය ඇලි අතර 5වන උස හිමි දිය ඇල්ල වන අතර එහි අලංකාරත්වය නිසාම " ශ්‍රීලංකන් නයගරා ඇල්ල " ලෙසිනුත් එය හඳුන්වනු ලබනවා.
ඕලු ඇල්ලට පහතින් තිබෙන මිනි හයිඩ්‍රො විදුලි බලාගාරෙට යන්න පුලුවන්නම් සම්පූර්ණ දිය ඇල්ලේ දර්ශනයක් ලබාගත හැකි වනවා.
ඕලු ඇල්ලට මීටර 750ක් පමණ පෙර ඇති ඕලු ඇල්ල රෙස්ට් ඉන් හෝටලයෙන් ආහාර ලබාගත හැකි අතර එහි පහල අති වී ඔයේ ආරක්ෂිතව ස්නානය කිරීමටද හැකියාව පවතිනවා.


දැන් අපි වවුලගල දෙසට හැරෙමු....


ඕලු ඇල්ල පසුකර කිලෝමිටරයක් පමන යනවිට දේවාලයක් හම්බවෙනව එතනින් එහාට යද්දි අමනාවල ඉස්කෝලෙ හම්බවෙනවා. එතනින් පහළට ඇති පාරේ යනවිට වීඔය හරහා ඇති පාලම හම්බවෙයි. එතනට වෙනකම් වාහනයක ගමන් කිරීමට පුලුවන්.  පාලම අසල ඇති යෝධ වතුර බටය දිගේ දකුණු දෙසට ඇති පාර තෝරාගන්න. එතැන් පටන් පාගමනින් වවුලගල තරණය ආරම්භ වෙනවා. මදක් දුර යනවිට බණ්ඩයියගේ කඩේ ගාවින් උඩට ඇති පඩි සහිත මාර්ගයේ යායුතු අතර. ඔබේ සහයට ගැමියෙකු ලබාගන්නේනම් වඩා උචිතයි. ( පියසේන අයියා කොහේදැයි කාගෙන් හරි විමසූවිට ඔහුගේ සහය ලබාගන්නත් පුලුවන්. )


තේ වතු මැදින් වැටෙන තරමක් දුෂ්කර මාර්ගයක වවුලගල මුදුන වෙත පැය 2කකින් පමණ ලගාවෙන්න පුලුවන්. වතුර රැගෙන යාම අවශ්ය නැත. ඕනෑතරම් දිය උල්පත් මග දිගට හමුවෙනවා. වතුර බෝතලයක් පමණක් රැගෙන යන්න.
මේ මාර්ගයේ කිලෝමීටර 3ක් පමණ ගියවිට බුලත්කොහුපිටිය දෙසින් පැමිණෙන මාර්ගය හම්බවෙනව. එතනදි කඩයක් දැකගත හැකියි. විස්කිරිඳා එහිදී ලබාගන්නත් පුලුවන් ඉතා රසවත් ආහාරයක්. මේ ගමනේදී ඔබට මදි නොකියන්න කූඩැල්ලන් නම් දැකගත හැකිවනවා එයින් ආරක්ෂාවීමට සන්ලයිට් හෝ සිද්ධාලේප රැගෙන යන්න අමතක කරන්නත් එපා.


වවුලගල ඉහළ කොටසට ගිය විට සුන්දර බුලත්කොහුපිටිය සිට නන් දෙස දර්ශන ඔබට දැකගන්න පුලුවන්. මින් කිහිපයක් නම් :

වී ඔය



අමනාවල ගම්මානය ( චයිත්‍ය්ය )


 ඕලු ඇල්ල සහ තවත් දිය ඇලි කිහිපයක්


කදු පන්ති අතරින් කැළණි ගඟ


වේවැල්තලාව ITN සම්ප්‍රේෂණාගාරය

සහ තවත් ස්ථාන රාශියක් දැකගත හැකියි. බයිනෙත්තුවක් රැගෙන යාම දර්ශනයන් පහසු කරයි. මෙම කඳු මුදුනට පැමිණීම උදේ කාලයේ සිදුකිරීම නුවණට හුරුයි. හවස් කාලයේ ඇතැම්විට වර්ෂාව ඇතිවිය හැකි නිසා අකුණු වලින් අනතුරු සිදුවිය හැක.

තවද මෙහි කෑම්පින් සිදුකිරීමට ද ඉතා උචිත ස්ථානයක්. ගල්තලාව එයට කියාපු තැනක් උනත් වැසි සහිත දිනවල එහි රැඳීසිටීම සිදු නොකලයුතු දෙයක්. අකුණු වැදී ගල් පතුරු තැන තැන ඇති අයුරු උඩදී දැකගත හැකියි. කෙසේ නමුත් පානීය ජල උල්පත් ඉහළ කොටසේ උවද සොයාගැනීම අපහසු කටයුත්තක් නොවන හෙයින් කෑම්පින් සඳහා ඉතා සුදුසු තැනක් තමයි වවුලගල.





Feb 6, 2013


becoming-teacherජීවිතේ කියන්නෙ මහම මහ පුදුමාකාර දෙයක්. පුංචිම කාලෙ තිබුන ලොකු ලොකු බලාපොරොත්තු කෙමෙන් කාලය ගතවෙද්දි ඉ‍ටු කරගන්න  බැරිවෙනවා. ඒ වුනත් අධිෂ්ඨානය තියෙනවනම් ඕනම බලාපොරොත්තුවක් ඉටුකරගන්නත් පුලුවන් කියල අහල තියනව, දැකල තියනව, හැඟිල තියනව විතරක් නෙමෙයි අත් විඳලත් තියනව.

අපි හැමෝටම වගේ එයාටත් පුන්චි කාලෙ ඉඳල ලොකු බලාපොරුත්තුවක් තිවුන. ඒ ලොකු වුනාම අපි වෙන්න කවුද කියන එක... අනේ ඒ දොස්තර කෙනෙක් වත් ඉංජිනේරුවෙක් වත් අජටාකාශගාමියෙක් වත් නෙමෙයි.. ගුරුවරියක් වෙන්නයි.  

පුන්චි දරුවෙක් එයාගෙන් පුන්චි කාලෙ වෙන්න කැමති කවුද කියල ඇහුවම ඩොක්ට කෙනෙක්, ඉංජිනියර් කෙනෙක් වගේ දේවල් කිව්වත් උසස් පෙළ කරන්න පෙළඹෙද්දි සමහර අයගේ සිහින මාවත් වෙනස් වෙනව... ඒත් සමහර අය තමන්ගේ සිනින මාවත් වලම යනව. ඒ අයගෙන් කොටසක් ඒ සිහින සැබෑකරගන්න අතරෙ තවත් බොහෝ දෙනෙක් ඒ සිහින වලට ගොඩාක් දුර ගිහින් සමු දෙනව.

මගේ කතා නායිකාව නම් ඒ වගේ බොරු බලාපොරොත්තු තියාගත්ත කෙනෙක් නෙමෙයි. පුංචි කාලෙ ඉඳලම ගුරුවරියක් වෙනව කියල හිතාගෙන තමන්ගේ සිහිනයේ කිමිදෙන පුංචී හා පැටියෙක්.

කිහිප දවසක් මාත් එක්ක කියල තියනව ටීචර් කෙනෙක් වෙන්නයි කැමති කියල. ඒත් ඒක සාමාන්‍ය චින්තනයක් කියල හිතාගෙන හිටියට මට හරියට ඒ බව පැහැදිලි වුනේ පුහුගිය දිනෙක ඇගේ Autograph එක බලන්න හම්බුන හින්දයි. ඒකෙ එයා ලියල තිවුන දේ දැක්කම මගේ ඇස් දෙක stuck වුනා වගේ වුනා.

තමන් ගුරුවරියක් වෙන්න ආසයි.... ඒත් ඇයි..? ඒක හරිම උදාර පවිත්‍ර සිතුවිල්ලක්. හරිම හැඟීම්බරයි. මන් ඒ පිටු 2 ඔයාලටත් බලන්න එයාගෙ අවසර ඇතිව මෙතන දාන්න හිතුව නිසයි මේ ලිපිය ලියන්න පටන් ගත්තෙ.
ඔයාලත් කියවල බලන්නකෝ..

මතක ඇතුව අදහසක් පල කරල යන්න .. ඒක ගොඩාක් වටිනව. මොකද මෙතන පලවෙන අදහස් දැක්කම ඒ කෙනා ගොඩාක් සතුටු වෙයි කියල මට ඉර හඳ වගේ විශ්වාස නිසා....

(පහල තියන image  එක උඩ click කරල ලොකු කරලම බලන්න )
ridzy

Jul 11, 2012


Image
ගාලු පුරේ අවසාන “ස” ප්‍රසංගය ඊයේ සන්ධ්‍යාවෙ (ජූලි 7) කරාපිටියෙ වෛද්‍යපීඨ ශ්‍රවණාගාරයේ දි අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වුණා…..
(දාන්න 5ක්…!! හිප් හිප් හුරේ….. )
මේක සංවිධානය කරන්න “රළ 2008″ කස්ටිය මාර ගේමක් දුන්න. ඒක වචනෙන් කියන්න අමාරු වුනත් ඒකෙ රිසල්ට් එක ඉස්තරම්ම එකෙන් ඊයෙ දැකගන්න පුලුවන් වුනා කාට කාටත්…..
මේක මුලින් සංවිධානය කරන්න හිටියෙ වෙන විදියකට වුනත්… ඒක අමුතුම පෙරලීමක් වුනා. අන්තිමේදි අර “පෙරළෙන ගලේ පාසි නොබැඳේ” කිව්ව වගේ සියලු බාධක මැඩලගෙන අති සාර්ථක ලෙස “ස” නෞකාව දියත් කරා..
මීට සති 3කට විතර කලින් ප්‍රවේශ පත්‍ර අවසාන වේගෙන ඒමත් සමඟ “ස” නෞකාවේ හැරවුම් ලක්ෂය අපට ක්‍රම ක්‍රමයෙන් පෙනෙන්නට වුනා….. ඒ දහස් සංඛ්‍යාත රසික රසිකාවියන්ගේ රළ ගැල්ම පටන් ගත් මොහොතේ සිට ප්‍රසංගය ආරම්භ වී සෑහෙන්න වෙලාවක් යනතුරුත් ඒ ජන ගඟ ගලන්නට විණි. වික්ටර් රත්නායකයන්ට ගාල්ලෙන් දුන් තිළිණය අනෙගි  භවනීයයි.. එයට හේතු කිහිපයකි. එකක් නම් ඒ මහා යුග පුරුෂයාගේ ප්‍රතිභාපූර්ණ නිපුණත්වය රසික හදවත් තුළ ලැගුම් ගෙන ඇති නියාවෙනි. අනෙක් කරුණ නම් “රළ2008″ අපේ සොයුරන්ගේ සාමූහික ප්‍රයත්නයයි.  කරුණු මෙසේ දිග හැරෙද්දී “ස” නෞකාව ගාල්ලේ පෙර නොවූ විරූ ලෙස දැවැන්ත සළකුණක් තබමින් දිග හැරුණි.
ඊයේ අපේ “ජුන්ඩා” වික්ටර් රත්නායකයන්ට සමරු තිලිණය දෙන වෙලාවෙදි වගේම, අවසාන ගීතයේ සියලු දෙනා නැගී සිට අපි ඔක්කොම රජවරු ඔක්කොම වැසියෝ… කියල කියද්දි හිතට ආපු ෆිට් එක කියල වැඩක් නෑ ඕයි…. හදවතට කතා කරන්න පුලුවන්නම් එයා කියයි මොනවගේ හැඟීමක් ද කියල ඒක.
මෙතනදි සියල්ලටම වඩා සතුටු වෙන කාරණය තමා “ටීම් රළ 2008″ .. එකෙක් වගේ වැඩ කරපු එක . ඒකම තමයි අපි හැමෝටම එකම විදියෙ යමක් හිතෙන්න ගත්තෙ ප්‍රසංගෙ අවසානෙදි…
ඒක අති සාර්ථකයි.. වගේම ප්‍රබලයි… තවත් වැඩක් සමඟ ටීම් රළ ඉදිරියේදි ඔබව හමු වේවි… අපි හිතුවොත් අපිට කරන්න බැරි දෙයක් නෑ…. මෙන්න මෙයයි අපේ වෙනස.
WITNESS OUR DIFFERENCE……..


Michael Angelo
ඔහු නමින් මයිකල් අන්ජෙලෝ ලොඩෝවිකෝ බුවනෝරිටි සිමෝනි ය. “මයිකල් ආන්ජෙලෝ” කියූ පමණින් ඔහු නොදන්නා කෙනෙකු මිහිකත නැති තරම් ය. ක්‍රි.ව. 1475 මාර්තු මස 6 වනදා සියැසින් ප්‍රථම වතාවට ලොව දාර්ශනය කළ ආන්ජෙලෝ.. සියවස් ගණනාවක් තිස්සේ ජන මන රංජනය කිරීමට සමත් විය.  
කලා ලොව සුප්‍රකට ඉතාලියානුවා “ලියනාඩෝ ඩාවින්සි” ගේ සමකාලීනයකු වූ ආන්ජෙලෝ.. ඩාවින්සිට නොදෙවෙනි විස්මිට නිර්මාණ මෙලොවට දායාද කළ ජගතෙකි. වෘතියෙන් ප්‍රතිමාකරුවෙකු, චිත්‍ර ශිල්පියෙකු, ගෘහ නිර්මාණ ශිල්පියෙකු, කවියෙකු, ලේඛකයෙකු පමණක් නොව ඉංජිනේරුවෙකු ද වූ ආන්ජෙලෝ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කලා කරුවෙකි. පරි පූර්ණ මිනිසෙකි. 
Image
ඔහු ජීවත් වන සමයේ විශිෂ්ඨතම කලා කරුවා ලෙසින් හැඳින්වුනු ආන්ජෙලෝ, ප්‍රතිමා නිර්මාපනයේ විචක්ෂණිකයෙකු විය. ඔහු විසින් මෙලොවට දායාද කළ නිර්මාන අති මහත් ය. ක්‍රි .ව. 1504 දී ඔහු විසින් නිම කළ “ඩේවිඩ්” ප්‍රතිමූර්තිය , ආන්ජෙලෝගේ ජීවිතයේ සුවිසල් කඩඉමක් විය. | “ඇපොස්ටොලික් මන්දිරය” හෙවත් වතිකානුවේ “සිස්ටින් චැපල්” හි සිවිලිම තම අඟිලි තුඩෙන් නිමවූ සිතුවම් වලින් පුරවන්නට ඔහු සමත් විය…  ඒ සඳහා ඔහුට පුරා සිවු වසරක් කැපකිරීමට සිදු විය.
රේචල් සහ ලේයා සමඟ 1515 දී මෝසස් මධ්‍යස්ථානයේ සිතුවම් නගන්නට ද ආන්ජෙලෝට හැකි විය. 1536 සිට 1541 දක්වා කාලය තුල “ශාන්ත බර්තොලමියෝ ගේ අවසන් තීන්දුව” නම් සිතුවම ලොව පුරා ප්‍රචලිත වූ තවත් කදිම නිර්මාණයකි. මේ ප්‍රතිභාපූර්ණ කලා කරුවා , 1564 ට පෙර රෝමයේදී ඉදිකළ ශාන්ත පීතරගේ බැසිලිකා මැදුරේ සියලු නිර්මාණ සැලසුම්කරණයන් කර, තමන් අති දක්ෂ ඉංජිනේරුවෙකු බව ලොවට කියා පෑවේ ය. 
1564 දී මෙලොවේ සමුගන්නා විට ආන්ජෙලෝ ප්‍රකට ලේඛකයෙකු ද විය. 
” The flesh now earth, and here my bones,
Bereft of handsome eyes, and jaunty air,
Still loyal are to him I joyed in bed,
Whom I embraced, in whom my soul now lives…”

Jun 24, 2012


මේක මේ අහම්බෙන් හම්බුන වැදගත් නොවන දෙයක්....
අවශ්‍ය නම් විතරක් බා ගන්න...

අය්යෝ සල්ලි....!

Jun 10, 2012


රත්තරං කෙණ්ඩියේ සිංහ තෙල් වගේ..      


මිනිස් ගුණේ සැමදා බැබලේ...
එය රැකීම අප උරුමේ වේ....



පුරා වසර 39ක් මුළුල්ලේ 1500කටත් වැඩි වාරයක් සප්ත මහා සයුර අතික්‍රමණය කළ ඒ මහා යුග පුරුෂයාගේ "ස" නම් වූ නෞකාව සිය අවසන් අදියර කරා යත්‍රා කිරීමට සැරසෙයි..

1973 ජුලි මස 20 වනදා හැවුලොක් ටවුන් හි ලුම්බිණියේ දී සිය මංගල ගමන් වාරය ඇරඹූ "ස" නෞකාව එවකට ශ්‍රීලාංකිකයකු දියත් කළ ප්‍රථම ඒක පුද්ගල ගීතාවලිය ලෙස ඉතිහාස ගතවිණි. ඉනික්බිතිව ඕස්ට්‍රේලියාව,යුරෝපය,මැදපෙරදිග,උතුරු ඇමෙරිකාව ඇතුළු දෙස් විදෙස් හි රැවු පිළි රැවු නැංවූ "ස" නෞකාව කිසිවකට නොදෙවෙනි අභිමානවත් ගමනක් සනිටුහන් කරයි.

මින් මතුවට "ස" නෞකාව සජීවීව දැකගත නොහැකි වනු ඇත. ඒ නිසා, අවසන් වරට සියැසින් මේ මහා නෞකාව දැකගැනීමේ භාග්‍ය ලද අතැඹුලක් වූ ඔබ, සියල්ල පසෙක ලා පහත යාත්‍රාංගණ කරා එළඹෙන්න.


ජුලි 07 - ගාල්ල, කරාපිටිය වෛද්‍යපීඨ ශ්‍රවණාගාරය (විමසීම් - 077 3761874)
ජුලි 18 - නෙළුම්පොකුණ මහින්ද රාජපක්ෂ රඟහල.
ජුලි 19 - මහරගම යොවුන් රඟහල.
ජුලි 20 - හැවුලොක් ටවුන් හි ලුම්බිණි රඟහල.


May 26, 2012


බුදු අම්මෝ... අද තමයි කල්පෙකින් බ්ලොග් එක පත්තෙ අඩිය තිව්වෙ....
"නිකරුනේ කාලය ගත කරන කල්හි බ්ලොග් ලිවීම මැනැවි" යි කියල කිව්වට මොකෝ ජොබ් කට්ටක් හම්බුනාම බ්ලොග් එක දිහා බලන්නවත් වෙලාවක් නැහැ නොවැ!

ඉතිං හදිස්සියේම බ්ලොග් එක පැත්තට ආවෙ අද බස් එකේදි වෙච්ච පට්ටම පට්ට සීන් එකක් ඔයාල එක්ක බෙදා ගන්න.
මේක වුණේ අද හවස මම දිව්ලපිටියෙ ඉඳල එද්දි මීගමුවට ඇවිත් බෝඩිම පැත්තට එන්න ගොඩවුණා 240/3 මීගමුව - ගුවන්තොටුපල බස් එකකට. මීගමුවෙ ඉඳන් කොප්පරා හංදියට එනකොටම බස් කොටය(තනි දොර ) ජෑම් වලින් උතුරන්න ගත්ත (JඇM පැක් ) ඉතින් පොඩ්ඩ දුර හින්ද මාත් ඔහේ ඉස්සරහ සීට් එකේ ඉඳන් ආව. ඔන්න බස් එක ගල්කන්ද හංදිය හරියට ආව. බස් එකට පොඩි දරුවෙක් වඩා ගත්ත අම්ම කෙනෙකුත් නැග්ග. (ඒ ගෑනිටත් පිස්සු පොඩි එකෙක් වඩාගෙන ලෝඩ් ගහපු බස් වලට නගින්න ).

බස් එකේ සීට් ගත්තම මම හිටියේ ඉස්සරහම පස්සෙ සීට් වල කොල්ලො දෙන්නෙක් ඇරුනම අනෙක් සේරම ඉඳන් හිටියෙ ගෑනු උදවිය.ඉතිං කොන්දොස්තර මහත්තය කිව්ව කවෘ හරි සීට්1ක් දෙන්න කියල. එකෙක් වත් නැගිට්ටෙ නැහැ නොවැ. මම නැගිට්ටෙ නැත්තෙ ඉස්සර සීට් එකට එයාට එන්න අමාරු නිසා. කොහොම හරි අර පිටිපස්සෙ හරියෙම ඉඳන් හිටිය කොල්ලො දෙන්නගෙන් 1ක් නැගිටල සීට් එක දුන්න (කොන්දොස්තර මහත්තය තුන් පාරක් විතර කිව්වට පස්සෙ ) ඉතිං අර ගෑනු මනුස්සය පොඩි එකාවත් වඩාගෙන සෙනග පීරගෙන පිටිපස්සටම ගියානෙ වාඩි වෙන්න. අර සීට් වල වාඩි වෙලා හිටිය අම්මණ්ඩිල එකෙක් වත් කනකට වත් ගත්තෙ නැහැනෙ. අනේ ද කියන්නෙ! "ගෑනියෙකුට උදව්වට ඉන්නෙ තවත් ගෑනියෙක්" පිස්සු නැත්නම් සෝක්!


ඔන්න අපේ කොන්දොස්තර උන්නැහැ තමයි දවසේ කතාව කිව්වෙ.
"අද කාලෙ ලමයි හම්බවෙන්නෙ පිරිමින්ටනේ...." කියල කිව්ව! අම්මපා මගේ ගාව මසුරන් තිබ්බනම් මන් ඒ මනුස්සයගෙ කටේ ඔබනව ඒ කිව්ව කතාවට!


Jan 1, 2012


පහුගිය කාල සීමාව මා හට අතිශය කාර්ය බහුල අවධියක් ව පැවති හෙයින් බ්ලොග් සටහනක් ලියන්නේ නිකන් අවුරුද්දකට පස්සේ වගේ තමයි දැනෙන්නෙ.
     2011 පෙබරවාරි මාසෙ කටුනායක ඉංජිනේරු තාක්ෂණ ආයතනයට එද්දි හීනෙකින්වත් හිතපු නැති විදියෙ ප්‍රායෝගික පුහුණුවක් ලබමිනුයි මං මේ දවස් වල කාලය ගතකරන්නෙ. එහෙම කිව්වට කාලය යනව ලොවෙත් තේරෙන්නෙ නෑ. දැන් ට්‍රේනිං වලටත් මාස 5 කට කිට්ටුයි.
         මුලින්ම කියන්න ඕන මං ට්‍රේනිං ඉන්න ආයතනය ගැන. නමින්  "ගල්ෆ් මෑන් පවර්"(Gulf Man Power).
Alcatel-Lucent සමාගමේ කොන්ත්‍රාත්තු ගන්න ආයතනයක් Etisalat Sri Lanka වෙනුවෙන් තමයි වැඩ කරන්නෙ. දිවයිනේ ටෙලිකොමියුනිකේෂන් කෙෂ්ත්‍රයේ ගුණාත්මක භාවයෙන් ඉදිරියෙන්ම ඉන්නෙ අපේ ආයතනය තමයි ඉතිං. පොඩි කොම්පැනිය වුනාට සුපිරි. වැඩ්ඩො ටිකත් එහෙම්මමයි. ඒවගේ සෙට් 1ක් ආයෙ ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ... සුපිරිම සුපිරි.

ඉතිං මේ දිනවල මං අත ගහල ඉන්නෙ "E1 dropping from SAR F Router" කියල ප්‍රොජෙක්ට් 1කකට. ඕකට ලංකාවෙ දහ අතේ යන්න තියනව. මුලින්ම අහුවුනේ කුරුනෑගලින් පටන් ගත්තු Ring 1ක්. ඒකෙ අහුවෙනව ඉබ්බාගමුව, වහකෝට්ටේ,දඹුල්ල,හබරණ,ජයන්තිපුර,මනම්පිටිය,වැලිකන්ද,ගිරාඳුරු කෝට්ටේ,සිරිපුර සහ ගම්මඩුව. ඕවයින් මුල් සයිට් 7 ම මං 21 - 24 ඉවර කරලයි තිබුනෙ. ඕන් ඉතිං ඉතුරු 3 කරන්න ගියේ ගිය 30 වෙනිද . මුලින්ම ගියේ ගිරාඳුරු කෝට්ටෙ සයිට් එකට. නුවර , මහියංගනය හරහා තමයි ගියේ. නියම පාර!!! යද්දි ටිකක් පරක්කු වුණ නිසා එදා දවසෙ කරන්න වුනේ ඒක විතරයි. රෑ වෙලා පොලොන්නරුව පැත්තෙ ගොහින් ගෙස්ට් හවුස් 1කක නතර වෙලා... හා...... මට කියන්න අමතක වුණා, මාත් එක්ක ගියේ හිරාන් කියල යාලුවෙක්. I.E.T. කට්ටිය නම් දන්නෙ "චේන්" කියල. ගියේ සුසුකි මරුටි කාර් පොඩ්ඩක. යන්න කලිං වීල් අලයින්මන්ට් එහෙමත් චෙක් කොරන්න වුනෙත් ඉතිං අපිටම තමා...
        ඉතිං පහුවදා උදේ ඇහැරෙද්දි මෙන්න මූ(චේන්) කියපි වාහනේ පැච් 1ක් කියල. හත් ඉලව්වයි. ඇත්ත නේන්නං . හැබැයි ඉතිං ගියපු පාරවල් වල හැටියට එක රෝදෙන් ගියපු 1ක ලොකු දෙයක්. .. හ්ම්ම්ම්.. නැගිට්ට ගමන් නෙ හිටියෙ එහෙම්මම මචන් ගාගෙන ස්පෙයාර් වීල් 1ක දාගත්ත. යන ගමන් පැච් 1කත් දාගෙන ඔන්න ගියා  සිරිපුර ඒ පාර.ඒක තමයි පාර වෙන යන්න 1ක් නැති හින්ද ගියා මිසක් හිතකින් නම් නෙමෙයි ගියේ. කොහොමින් කොහොම හරි සිරිපුරත් ගොඩ දාගෙන අපි ගියා ගම්මඩු යන්න. එහෙට යද්දි හැන්දෑවෙ 6 විතර වෙලා. අහ්. ගියේ නකල්ස් පාරෙන්. ෆුල් ආතල්... සුපිරි ට්‍රිප් 1. අයිෂම ගුණ්ඩු.!!!
                                                                                    ඉතිං අහනවලකො කතාව. ගම්මඩු ගියාමනෙ දන්නෙ. ඇයි හත් ඉලව්වෙ උඩට යන්න 4වීල් ඕනිලු. මරුටියෙ ගියානම් ගිනස් වාර්තාවක්. .. ඒ පාර එතන හිටපු සෙට් 1කකින් ඇහැව්වම කිව්ව කි.මි. 13ක් තියනවලු 4වීල් යන්ට. පයින් යෑමක් තියනවලු කැළෑපාරක කි.මි.6ක විතර... ඒත් රෑ වෙලා යන්න එපා කිව්ව වල් ඌරොයි දිවියොයි ඉන්නවලු....  අනේ ඉතිං එතන ට්‍රක් 1ක් තියනව දැකල මං ඇහැව්ව මේක යනවද කියල .. මෑන්ස් කිව්ව "අපොයි ඔව් පෙරේදත් ගියා හිරු එෆ්.එම් එකේ ජෙනියට ඩීසල් අරගෙන" කියල. මේක යන්න හයර් එක කීයක් ඕනද ඇහුවම හෙනගහන්න වගේ ඒක කිව්වෙ නැතෑ 12 දාහක් ඕනි කියල. තියාගනිං උඹෙ ට්‍රක් එක කියල අපි ආපහු ආව උදේට පයින් යන්න හිතාගෙන. ඊට පොඩ්ඩක් එහා ලැයිමක් තිබ්බ එතන හිටි මනුස්සයෙක්ගෙන් "ගයිඩ්" කෙනෙකුත් සෙට් කරගත්ත. ඒපාර ආයෙ අපි මාතලේ හොටෙල් 1ක් හොයන් එන්න ආව. එද්දි හෙන ගහන්න වගේ ගම්මඩුව ටවුන් එකට පොඩ්ඩක් එහා පාර මැද්දෑවෙ කොල්ලො සෙට් 1ක් බොනව දාගෙන. මං හෝ පාරක් ගැහුව අයින් වෙන්න කියල මෙන්න සෙට් 1ක වටකොරගත්ත කාර් එක. දොර ඇරපිය කියාගෙන කාර් එකට 5ක් 6ක් තඩි බෑවෙ නතෑ උන් ටික. මං හිතුවෙ වින්ඩ් ස්ක්‍රීන් 1කට බඩු තමා කියල. එතන සිහියෙන් හිටි 1ක් අරුන් ටික පැත්තකට කරන්න ගියත් වැඩේ හරි ගියේම නෑ.. ඒපාර හිරාන් දොර ඇරිය.. ෂිහ් මං හිතුව හරි තමයි කියල එකෙක් කාර් 1ක අතුලටම ආව.. ඒපාර හරි අය්ය... හරි අය්ය... කියල යන්තං ශේප් කරන් දොරවහපං කියල කෙලමෝලෙන් ඇදල ආව ... හරියට නිකන් චාන්ස්1ක් ආපු ගමන් කනෙන් රිංගුව වගේ.... බුදු අම්මෝ..... පැය භාගයක් යනකන් හාට් 1 ස්ටක් වෙලා තිබ්බෙ.
හා ඒක නෙමේ, ආයෙම මාතලේ එද්දි පොලීසියට අහුවුනා නොවැ .. සීට් බෙල්ට් දාන් ගියෙත් නෑ හෙඩ් ලයිටුත් 1කයි පත්තු වෙන්නෙ... ඒපාර රාළහාමි මාමට රු.150ක් දීල බේරිල ආව.. පගා මරුවෙක් ඌ....
                                                   කොහොමින් කොහොම හරි ඒ ප්‍රශ්නෙත් ගොඩදාගෙන මාතලේට ඇවිල්ල රෙස්ට් හවුස් 1කක ඉඳල පහුවදා ඒකියන්නෙ හරියටම 2012 ලබපු ගමන් 01 වෙනිද සුභ මුහුර්තියෙන් පාන්දර 6ට විතර ආව ගම්මඩු නගින්න..... ඉතිං නැග්ගෙ නැතැ‍යි 7 ඉඳන් 10.30 වෙනකන්..... උඩට යද්දි පාන් කියාගන්න බැරුව හිටියෙ. යද්දි තමයි දැක්කෙ ඒ පාරෙ 4 වීල් තියා 10 වීල් වත් යන්න බැරි බව. හම්මෝ මදැයි ගම්මඩු ගියා...

අර බඩුත් උස්සන් අර කන්ද නැග්ග කිව්වම තාම ඇඟේ හිරිගඩු පිපෙනව ඕයි......  කමක් නෑ අමාරු වැඩක් කරාම තමයි හිතට ෆිට්1කක් එන්නෙ. අලුත් අවුරුද්දෙ කවුරුවත් නොකරන ජාතියෙ වැඩක් කොරල ස්ටාර්ට් 1ක් ගත්ත.  ජීවිතේ අමතක නොවන එක්ස්පීරියන්ස් 1ක් .....!! කාට හරි ගම්මඩු පැත්තෙ යන්න ඕනෙනම් වහාම මාව අමතන්න. (ජීවිතේට එකම එක පාරක් විතරක් යන්න ඕඅන තැනක් තමයි ගම්මඩු කියන්නෙ.)
ඩී.කේ. වයිල්ඩ්-ග්‍රාෆ් ඇඩ්වෙන්චර් 2012 බිගින්ස්.........!!!

සුභ අලුත් අවුරුද්දක් වේවා...!!

Nov 9, 2010

◄█▓░♥ KKFH ♥ ░▓█►
-http://kasunkalhara.info/-
සඳ අහිමි බඹරෙක්ය මා....
හිරු අහිමි කඩුපුලකි මා...
මා නොදුටු සඳ එළියෙ කිමිදෙන්න ඇත්නම්....
මා නොදුටු හිරු එළියෙ විඳගන්න ඇත්නම්.....

Sep 1, 2010

මේ වර්ෂයේදී බස්නාහිර පළාත් පාලන කොමසාරිස් තුමාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලද පුස්තකාල මෘදුකාංගයක් නිපදවීමේ සාකච්ඡාවක යෝජනාවූ පරිදි පහත සඳහන් පුස්තකාල මෘදුකාංගය අප කණ්ඩායමක් විසින් නිර්මාණය කර ඇත.

මෙය දැනට හෝමගම ප්‍රාදේශීය සභාවේ වෑතර මහජන පුස්තකාලයේ ස්ථාපිත කර පුස්තකාල කටයුතු පරිගණක ගත කරගෙන යනු ලබයි.

මෙය Java සහ MySQL උපයෝගී කරගනිමින් නිපදවා ඇති අතර Network සහ වෙබ් අඩවි(Web Base) ක්‍රමය යටතේ ද භාවිත කළ හැක.

මෙම මෘදුකාංගයේ අරමුණු හා ක්‍රියාකාරිත්වය කෙටියෙන් පහත දක්වමි.

සුචි ගත කිරීම
  1. සියළුම පොත් මෘදුකාංගය උපයෝගී කරගනිමින් සුචිගත කිරීම (පුවත්පත් හා සඟරා ද මෙසේ සුචිගත කළ හැකි වීම. )
  2. පාඨකයින්ගේ සියළුම තොරතුරු පරිගණකයේ ස්ථාපිත කිරීම.
  3. පොත් හා පාඨකයින් සඳහා (BAR-CODE) ක්‍රමය භාවිතයට ගැනීම.(මේ මගින් ඉක්මණින් හා නිවැරදිව පොත් නිකුත් කිරීම.)
  4. සිංහල / දමිළ / ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම පොත් අන්තර්ගත කල හැකි වීම.

පොත් නිකුත් කිරීම සහ ආපසු භාර ගැනීම.( Circulation)
  1. පුස්තකාලයේ ඇති පොත් පිලිබඳව ක්ෂණිකව තොරතුරු ලබා ගැනීම.
(විෂය අනුව / කතෘ / ග්‍රන්ථ නාමය / ISBN / ISSN මගින්)
  1. මෘදුකාංගය මගින් පොත් නිකුත් කිරීම සහ ආපසු භාර ගැනීම.
  2. නිකුත් කරන ලද පොත් සහ පාඨකයින් පිලිබඳව තොරතුරු ලබා ගැනීම.
  3. ස්වයංක්‍රීයව දඪ ගණනය කිරීම.
  4. කාර්ය්‍ය මණ්ඩලයට මෙන්ම පාඨකයින්ටද වෙනත් ප්‍රවේශයක් භාවිත කරමින් පුස්තකාල සුචිය ගවේශණය කළ හැකි වීම.
  5. නිකුත් කරන ලද පොතක් පාඨකයෙක් වෙනුවෙන් වෙන් කළ හැකි වීම සහ(Book Reservation System) ක්‍රියාත්මක කිරීම.
  6. පොත් සමීක්ෂණ කටයුතු දින කිහිපයකින් කළ හැකි වීම.

සංඛ්‍යා ලේඛන හා වාර්තා ලබා ගැනීම.
  1. දෛනික වාර්තා සහ මාසික වාර්තා ලබා ගැනීමට හැකි වීම.
  2. පාඨකයින්ගේ නාමලේඛන ලබාගත හැකි වීම.
  3. පොත් වල ලේඛනයක් ලබා ගත හැකි වීම.
  4. කතෘ / ග්‍රන්ථනාමය / විෂය අනුව ලේඛනයක් ලබා ගත හැකි වීම.
  5. සුචි පත්‍රිකාවල මුද්‍රිත පිටපත් ලබා ගැනීම.

ඉදිරි අරමුණු සහ ප්‍රයෝජන.
                ඉදිරියේදී පුස්තකාල වෙබ් අඩවියක් නිර්මාණය කර පවත්වාගෙන යාමත් යුනි කෝඩ් ක්‍රමය යටතේ(unicode) සිංහල පොත් සිංහල භාෂාවෙන් සුචි ගත කිරීමටත් දැනට ඉංග්‍රීසි භාෂාවෙන් සුචිගත කරන ලද පොත්වල විස්තර සිංහල භාෂාවට පරිවර්තනය කිරීම.
පුස්තකාල වෙබ් අඩවිය මගින් ඕනෑම ස්ථානයක සිට පුස්තකාලයේ පොත්පත් ගවේෂණය කිරීමට හැකි වීම.
මෙම මෘදුකාංගය භාවිත කිරීමෙන් පළාතේ සියළුම පුස්තකාලයන්ගේ දත්ත ගබඩා කරන තොරතුරු මධ්‍යස්ථානයක් ලෙස එකම ස්ථානයකින් (Server) කටයුතු කිරීමට හැකි වීම. ඒ තුළින් ආදායමක් ලබාගත හැකි වීම.

මේ පිළිබඳව වැඩිදුර තොරතුරු අවශ්‍ය නම් පහත දුරකතන අංක අමතන්න.

D.U.ඉසුරු සමරසිංහ                       S.L.D.කසුන්                       
077-1051972                                 077-1949716       

Aug 6, 2010

මෙවර අ.පො.ස.උ/පෙළ ට පෙනී සිටින හිතවත්, නෑදෑ, එකී,මෙකී,නොකී සියලුම සහෝදරයන්ට, සහෝදරියන්ට මාගේ හදපිරි සුභාශිංසන පිරිනමමි...!!!
ගුඩ් ලක්...!!!

Jul 18, 2010

Jun 24, 2010

 Dialog Telikom ෆොටෝ කොම්පිටිෂන් එකට මාත් ඉල්ලුවා....


මේ මාසෙ 30 වෙනකන් කල් තියනවා..
ඔයගොල්ලොත් මේ ලින්ක් එකට ගිහින් Like එකක් දාන්න...
ෆොටෝ එක ලස්සන උනාම මොකෝ කැත උනාම මොකෝ හිත හොඳ කොල්ලනේ.. :P

 http://www.facebook.com/photo.php?pid=600197&id=1679127693&ref=mf&fbid=1281050361227

Jun 16, 2010

ඔරායන් රාශිය ගැන මීට කලිං රස කතාවක් කිව්වනේ.. එයා ගැනම තවත් රසකතාවක් උපුටන්න තමා මේ සැරසුම.....
       ඇට්ලස් නම් මහා යෝධයාට ඉතාaමත් රූමත්, ප්‍රියංකර,සුකොමළ දූවරු 7 දෙනෙක් ඉඳල තියෙනවා.. දිනක් ඔවුන් අල්ලා ගැනීමට ඔරායන් ඔවුන් පසුපස පැන්නූවේ ය. මෙය දුටු "සියස්" නම් හිරු දෙවි දූවරුන් සත්දෙනා නපුරු ගොනෙකු(ටෝරස් රාශිය ) පිටුපස සඟවා තරු 7ක් බවට  පත් කලේ ය. ප්ලායඩස්(හත්දින්නත් තරු ) මේ දූවරුන් හත් දෙනායි. අනතුරුව ඔරායන් ද සියස් විසින් ම තරු රාශියක් බවට පත් කළේ ය.

                           ඔරායන් ඇට්ලස් යෝධයා ගේ දූවරුන් පසුපස එළවීම ඒත් නවතා නැත.ටෝරස්(ගොනා ) රාශිය දූවරුන් රකිමින් ඔරායන්ට ඇමිණීමට මෙන් සිටින්නේ ඒ නිසා ය. ඔරායන් ද ගොනා(ටෝරස් )ට පහරා දීමට මෙන් මුගුරක් අමෝරාගෙන සිටියි. සෑම රැයකම ඔරායන් දූවරුන් සත්දෙනා පසුපස පන්නයි. එහෙත් අහස කැරකෙනුවා සේ පෙනෙන නිසා ඔරායන් ඉදිරියට එන විට දූවරු හත්දෙනා ද තවත් ඈතට යති. මේ නිසා දූවරුන් හත් දෙනා කවදාවත් ඔරායන් ට අල්ලා ගන්නට බැරිවෙන සෙයකි.

       ඔරායන්ගේ ස්ටෝරිය - 1

Jun 15, 2010



ඔරායන් නෙප්චූන්ගේ පුතා ය. ඔහුගේ මව යුර්යට් නම් ඇමේසන් හි රැජිනයි. ඇය සටනට මෙන්ම දඩයමට ද ඉතාමත් දක්සියක වූවාය. මවගේ දස්කම් පුතාටද උරුම වී තිබිණි. ඔරායන් සිය මව මෙන් සටනට ද දඩයමට ද , ලෝකයේම සූරයා විය. දෙවියන් අතර පවා මේ අතින් ඔහු පැරදවිය හැකි කිසිවෙකු නොවී ය.


  ඔරායන්ගේ දස්කම් සමහර දෙවිවරු නොරිස්සූ හ. ඔවුන් විසකුරු ගෝනුස්සෙකු එවා ඔරායන්ට දෂ්ඨ කරවීය. හේ ඒ විෂෙන්ම මිය ගියේ ය. එහෙත් ඩයනා නම් දෙව්දුව විසින් ඔරායන් අහසේ තරු අතර සිටුවා අමරණීය කෙරිණ. දෂ්ඨ කළ ගෝනුස්සා ඔරායන්ට ළංවිය නොහැකි වන සේ ඌට ප්‍රතිවිරුද්ද පැත්තෙන් සිටවූවා ය.
හිරුගේ එක් පැත්තක ඔරායන් පිහිටි විට ඊට විරුද්ද පසෙහි ගෝනුස්සා හෙවත් ස්කෝපියෝ රාශිය පිහිටයි. එනිසා කවදාවත් ඒ බියකරු ගෝනුස්සා ඔරායන්ට ළංවනු තියා පෙනෙන්නටවත් නැත.




17 වන සියවසේ විසූ ස්විස් ජාතික හෙවිලියස් නම් තාරකා විද්‍යාඟ්ඳයා ඔරායන් රාශිය චිත්‍රයට නැගූ අයුරු.
[ උපුටා ගැනීම - විශ්වය සහ අපට පෙනෙන ග්‍රහලෝක හා තරු(ආර්.බී.අතපත්තු )  ]




ඔරායන් රාශිය ගැන තවත් රසකතාවක් බලාපොරොත්තුවන්න...

ප්රෞඩ ඉතිහසයකට උරුමකම් කියනා රිච්මන්ඩ් මෑණියෝ...
මහ බල පරක්රමය විහිදුවමින් හිදිනා
පැරකුම් නිරිදානන් පෙරටුකොට ගෙන ප්රභාමත්ව 
වැජඹෙන්නාහු ය......

ශතකයකුත් තිස් එක් වසක් අතික්රමණයෙන් 
දහසකුත් එකක් වියතුන් මෙසිරිලකට දායාද කරමින්....
හොර-බොරු නැති... ඇද-කුද නැති..
රිච්මන්ඩ්පුතුන් බිහිකරමින්.. සශ්රීක සමාජයක් ගොඩනන්වමින්...
රෝහණ දේශයේ ජීවය බදු රිච්මන්ඩ් නාමය
දීපයේ පෞරුශත්වය බවට පත්කළ
බලවේගය අන් කිසිවක් නොව..
ඇසිදිසි මානයේ අසමසම රිච්මන්ඩ් කමයි....


සියල්ල රිච්මන්ඩ් නමට ය.. කිසිවක් නොවේ තමනට...



█║▌│█│║▌║││█║▌│║▌║    
Copy Rights © dksljets.

Jun 12, 2010

****කිසියම් සංඛ්‍යාංක පරිපථයක ප්‍රදානය ලබාදෙන ආකාරය සහ ඉන් ප්‍රතිදානය ලැබෙන ආකාරය දැක්වීමට තාර්කිකව ගොඩනංවන වගුවක් "සත්‍යතා වගුවක්" ලෙස හැඳින්වේ.


මෙහිදී "ද්වීමය සංඛ්‍යා" පමණක් භාවිතයට ගැනේ..


එක් එක් වගුවට අයත් අයිතම ගණන දැන ගැනීමට ප්‍රදාන සංඛ්‍යාව දෙකේ පාදයට ගෙන ලබාගත හැක. ඒ බව උදාහරණ වලින් ඔබට පැහැදිලි වේවි...





මී ලඟට තාර්කික ද්වාර බලාපොරොත්තුවන්න....

Jun 7, 2010

 
පළමුවෙන්ම මෙවැනි ලිපියක් ලිවීමට සිදුවීම ගැන මම ඉතාමත් කණගාටුවෙමි..! 



මේ පුංචි ලංකාවෙ ඕනම අස්සක මුල්ලක ඉන්න දරු දැරියන්ට නිදහසේ අධ්‍යාපනය ලබන්න වරම් ලැබිල තියනවනේ.. ඒ කවුරු හින්දද කියල ඇහුවොත්.. ඕනම කෙනෙක් කියාවි .. "නිදහස් අධ්‍යාපනයේ පියා" ලෙසින් හැඳින්වෙන ශ්‍රීමත් C W W කන්නංගර මැතිතුමා නිසා කියල....



ඉතින් මේ සිද්දියත් වෙලා තියෙන්නෙ කන්නන්ගර මැතිතුමාගෙම ඉස්කෝලෙ වෙච්ච එක තමයි හිතට දුක... හැබැයි මේ ජාතියෙ වැඩක් මුලින්ම වුනේ නම් මේ ඉස්කෝලෙ නෙමෙයි, දකුණු ආසියාවෙ වැඩිම ළමයි ඉන්න ඉස්කෝලෙ හරියටම මීට අවුරුද්ද කලින්. දැන් දැන් ඒ ලෙඩේ තව ඉස්කෝල වලට බෝවේගෙන යනවා..


සිදුවීම කියනවනම් , සාමාන්‍ය පෙළ පාස් වෙලා උසස් පෙළ හදාරන්න ඉස් ඉස්සෙල්ලම ඉස්කෝලෙට යන නංගිලා මල්ලිලාට තමයි මේදෙය වෙලා තියෙන්නෙ. 
නිදහස් අධ්‍යාපනය ක්‍රියාත්මක වෙන රටේ, මේ අහිංසක දරුවන්ගෙන් උසස් පෙළ පංතියට යන්න නම් රු. දහස් ගානක මුදලක් එකවරම මේ ඉස්කෝල අයකරනවා...



වාර විභාග ගාස්තු, පහසුකම් හා සේවා ගාස්තු එකවර අවුරුදු 2 කට අයකරන අතරෙම, විද්‍යාගාර පහසුකම් කියල වෙනම ගණනකුත් මේ ඉස්කෝල එකතුකරනවා...
 ඇයි ඒ විතරක් යැ, දැන් අලුත්ම දඩේ පාසල් සංවර්ධන සමිතියට කියල අවුරුදු 2ට රු 1002 x 2 ක මුදලක්කුත් අයකරන්න පටන් අරන්.. කජු අටද කොස් ඇටද..? ආණ්ඩුව බදු අයකරනව වගේ මේ ළමයින්ගෙන් මේව අයකරන්නෙ .. 
මේම මුදල් නොගෙවන අය උසස් පෙළ පංති වලට සහභාගී කර නොගන්නා බවට අදාළ විද්‍යාල වල පරිපාලන ව්‍යුහයන් දන්වා තියෙනවා.. එයින් මිදීමට ඇති එකම මග "තමන්ට මෙම මුදල ගෙවීමට තරම් වත්කමක් නැතැයි" කියා ග්‍රාමසේවක මහතා සහතික කල ලියමනක් ඉදිරිපත් කිරීමයි...



මදක් සිතා බලනු...!
සුළු හා මධ්‍යම ආදායම් ලබන දෙමාපියන් බහුතරය මෙම ගැටළුවට මුහුණ පා සිටී, ඔවුන් සියලුම දෙනා ග්‍රාම සේවක මහතා හමුවී ලියුම් සහතික කර ගැනීමට නොයයි . මක් නිසාද යත් ඔවුන් සියල්ලම පාහේ සමාජයේ යම් ගරුත්වයක් සහිතව ජීවත් වන බැවිනි..


ඔවුන් තම දරුවා ගැන සිතා හතර අතේ ණය වී මෙම අසාධාරණ බදුමුදල් .පාසල වෙත ගෙවීමට අවසානයේ තීරණය කරයි..


මා මේ ලිපිය ලියන්නේ ඒ පීඩිත පාන්තික දෙමාපියන් වෙනුවෙන් ය.... මෙය ලිවිය යුතුව තිබුනේ පුවත් පතකට වුවත් එවන්නක් කිරීමට තරම් මා හට එක්ස්පීරියන්ස් නැති හෙයින් සිංහල බ්ලොග් කරුවන්ගේ සංසදය වෙත ලිවීමට අදස් කළෙමි.

මේ පිළිබඳව අදාළ බලධාරීන්ගේ ඇස් කන් අරේවා කියා පතමින් මම නවතිමි...!!

(අපේ කාලයේ මෙවැනි බදුමුදල් නොපැවති බව සඳහන් කල යුතුමය )

May 11, 2010

ඇත්තටම කියනවනම් මේකත් නිකමට වගේ පටාස් ගාල ආපු අයිඩියාර් එකක්...
මම නින්ග් වැඩ්ඩ කියල කට්ටිය කියනවනේ.... ඉතිං නින්ග් වල තියන දේවල් වලින් උපරිම ප්‍රයෝජන ගන්න ඕන කියල හිතුණා.....

මේකට හොඳම කෙනා කසුන් කල්හාර බව අමුතුවෙන් කියන්න ඕන නැහැනේ.... ඉතින් පළමු පියවර තිව්ව කසුන්ගේ නින්ගකින්... මේ තියෙනෙ URL එක.KKFH  මේකට දසයා(දර්ශන ) සෑහෙන්න උදව් කලා... ඒ වගේමයි ජනියායි මල්ෂානුයි... බොක්කෙන් සප් එක දුන්නෙ..... දැන් යස අගේට භාණ්ඩෙ තියනවා ඕගොල්ලොත් බලන්න......


ඊළඟට මැක්සා එක මෙන්නDMDJ මේක මට ආපු සිරාම අයිඩියා එක...  DMDJ Music කියල ඉමේජ් එකකුත් ගහ ගත්ත දැන් නම් පංකාදු පහයි......  කට්ටියම ඇවිල්ල සයින් අප්/ඉන් වෙන්න කියල ඕපන් ආරධනාවක් කරනවා....

මොකද හිතන්නෙ අලුත් වැඩේ ගැන....?

Music

manokaya.tk

www.blog.dulithkasun.com